Jul 17

අනුජ්, දුෂේනි පෙම්වතුන් ද?

පුංචි තිරයේ කවුරුත් හඳුනන සුරූපී තාරකාවක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ. ඇය කලා ක්‍ෂේත‍්‍රයට පැමිණ කෙටි කලකින්ම කාගෙත් ආදරය දිනාගැනීමට සමත් වුණා.


මේ මෑතකදී ඇය හා ජනප‍්‍රිය නළු අනුජ් රණසිංහ සමග පේ‍්‍රම සම්බන්ධයක් තිබෙන බවට කතාවක් පැතිරුණා. ක්‍ෂේත‍්‍රයේ කාලෙන් කාලෙට කොයි කවුරු ගැනත් කටකතා පැතිරෙන නිසා මේ කතාවේ ඇත්ත නැත්ත විමසන්න අපි ඔවුන් දෙදෙනාට කතා කළා.

මුලින්ම අපි මේ ගැන ඇහුවේ දුෂේනිගෙන්.

දුෂේනි මේ දිනවල කලා කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?

මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් සිදුවෙනවා. ‘සංසාරා’ සහ ‘මහදැනමුත්තා’ කියන ටෙලිනාට්‍ය දෙකේ. ඒ වගේම තමයි මම චිත‍්‍රපටියකත් රගපෑවා. බොහෝදුරට මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ ඒ චිත‍්‍රපටය තිරගත වෙයි.

 දුෂේනි මේ දක්වා කරපු නිර්මාණ තුළ කාගෙ කාගෙද පෙම්වතිය වෙලා තියෙන්නේ?

මුලින්ම මම විශ්ව කොඩිකාරගේ පෙම්වතිය වුණා. ඊට පස්සේ මම කාවිංග පෙරේරා එක්ක රඟපෑවා. රොෂාන් රණවන සහ අනුජ් රණසිංහ එක්කත් රඟපාලා තියෙනවා.

 එතකොට සැබෑ ජීවිතේ අනුජ්ගෙ පෙම්වතිය වෙන්න යනවා කියන කතාව මොකක්ද?

නෑ. නෑ. එහෙම දෙයක් නැහැ. මමයි, අයියයි හොඳ යාළුවෝ. ඒ හැරෙන්න එහෙම පේ‍්‍රම සම්බන්ධයක් අපි අතර නැහැ.

 ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ නේද?

මෙහෙමයි ඉතින්. මායි, අයියයි හොඳ යාළුවෝ. ඒ වගේම අපි දෙන්නා එකට වැඩ කරලත් තියෙනවා. ඒ දේවල් එක්ක පුංචි කතන්දරයක් හැදිලා තියෙනවා. ඇත්තටම එහෙම සම්බන්ධයක් අපි දෙන්නා අතර නැහැ.

 ඔහු සමග දායක වෙලා තියෙන නිර්මාණ මොනවද?

සේනක විජේසිංහ මහත්මයාගේ ‘මේඝ’ චිත‍්‍රපටයේ මායි, අනුජ් අයියයි එකට රඟපෑවා. මම හිතන විදියට ඒ චිත‍්‍රපටය ලබන අවුරුද්දේ විතර තිරගත වෙයි.

දුෂේනිට ක්‍ෂේත‍්‍රයේ පේ‍්‍රම යෝජනා ගොඩක් එනවා ඇති නේද?

ක්‍ෂ්ත‍්‍රයේ අයගෙන් විතරක් නෙමෙයි. හැම තැනින්ම වගේ පේ‍්‍රම යෝජනා ඇවිල්ලා තියෙනවා.

 රංගනයට සම්බන්ධ වුණේ කොහොමද?

2015 දී මම ලාංකික රූ රැුජිණ කිරුළ දිනා ගත්තා. ඊට පස්සේ තමයි මට රංගනයට ආරාධනා ලැබුණේ.

 පොඩි කාලේ ඉඳන්ම රංගන ශිල්පිනියක් වෙන්න දුෂේනිට ආසාවක් තිබුණද?

පොඩි කාලේ ඉඳන්ම මගේ ආසාවක් තිබුණේ ගුරුවරියක් වෙන්න. මගේ පවුලේ කිසිම කෙනෙක් රංගනයට සම්බන්ධත් නැහැ. රඟපෑමට මගේ ආසාවක් තිබුණෙත් නැහැ. රූ රැුජිණ කිරුළ දිනා ගත්තට පස්සේ තමයි නිළියක් වෙන්න පොඩි ආසාවක් ඇති වුණේ.

දුෂේනි රඟපානවට ගෙදර අයගෙන් ප‍්‍රශ්නයක් වුණේ නැද්ද?

රූ රැජිණ තරගයට අයදුම් කරන්න කියලා කිවුවෙත් මගේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නාගේ ආශිර්වාදය, උදව්ව නිසා තමයි අද මම මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. අම්මයි, තාත්තයි හැමදෙයකදීම මගේ පස්සෙන් ඇවිල්ලා මාව දිරිගන්වනවා.

මුලින්ම දායක වුණ නිර්මාණය මොකක්ද?

මම මුලින්ම රඟපෑවේ ‘ආදර වැස්ස’ ටෙලිනාට්‍යයේ. නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්මයා ඒ නාට්‍යයේ මට පොඩි චරිතයක් දීලා රඟපෑම පිළිබඳ පුහුණුවක් ලබා දුන්නා. ඊට පස්සේ තමයි මම ‘ආදරය ගින්දරක්’ ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් රඟපෑවේ.

දුෂේනි නිරූපණයටත් සම්බන්ධයි නේද?

ඔව්. හැබැයි මම ලොකුවට නිරූපණය හදාරලා නම් නැහැ. මම රූ රැජිණ තරගයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ නිරූපණ ක්‍ෂ්ත‍්‍රයටත් සම්බන්ධ වුණා. දැනටත් හොඳ ෂෝ එකකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.

 ඉදිරි බලාපොරොත්තු මොනවද?

දිගටම රංගනයේ නියැලිලා ඉන්නත් බලාපොරොත්තුවක් නැහැ. මගේ අධ්‍යාපන කටයුතුත් තවම ඉවර නැහැ. මට පුළුවන් තාක් කල් මම රංගනයේ නියැලිලා ඉන්නවා. මම රංගනයටත් හරිම ආදරෙයි.


මේ අනුජ් සමග කළ කතාබහයි.

අනුජ් කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?

මේ දවස්වල මම හර්ෂ උඩකන්දයි, මමයි කරන අලූත් ෆිල්ම් එකක වැඩ කටයුතු සැලසුම් කරගෙන යනවා. ඒක මේ අවුරුද්දේ කරන්න සැලසුම් කරගෙන ඉන්න ලොකු වැඩක්. මේ දවස්වල එහි පසුතලය හදාගෙන යනවා. ඊට අමතරව ඉදිරියේදී සිරස ටීවී එකේ විකාශය වීමට නියමිත ඇඞ්වෙන්චර් සහ කුකරි ප්‍රෝග‍්‍රෑම් එකක රෙකෝඩින් කරගෙන යනවා. මගේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්නත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

 මියුසික් වීඩියෝ කරන එක දැන් නවත්තලාද තියෙන්නේ?

මියුසික් වීඩියෝවලට මම එහෙම ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳ කලාකරුවෙක්ගේ හොඳ ගීතයක් ලැබුණොත් කරනවා. මම චිත‍්‍රපටවලට තමයි වැඩිපුරම කැමති. ඒ නිසා ඒකට වැඩිපුර අවධානය යොමු කරනවා.

 අනුජ් රඟපාපු අලූතින් එන්න තියෙන චිත‍්‍රපට මොනවද?

උදයකාන්ත වර්ණකුලසූරිය මහත්මයගේ ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටයත්, සේනක විජේසිංහ මහත්මයගේ ‘මේඝ’ චිත‍්‍රපටය හා ‘අග පිපි මල්’ යන චිත‍්‍රපටවලට සම්බන්ධ වුණා. ඒ චිත‍්‍රපටවල වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ.

මුලින්ම ක්‍ෂෙත‍්‍රයට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට නේද?

ඔව්. මම මුලින්ම ක්‍ෂේත‍්‍රයට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. 2010 දී මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ අරගෙන තමයි මම ක්‍ෂේත‍්‍රයට එන්නේ. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ හා ටෙලිනාට්‍ය_හරහා තමයි මම චිත‍්‍රපටවලට සම්බන්ධ වෙන්නේ.

මේ දක්වා කරපු නිර්මාණවල වැඩිම වාරයක් අනුජ්ගෙ පෙම්වතිය වෙලා තියෙන්නේ කවුද?

මම හිතන්නේ වැඩිම වාරයක් වෙලා නැහැ. මේ දක්වා කරපු හැම නිර්මාණයකම ඒ පෙම්වතියගේ චරිතය නිරූපණය කරන කෙනා එක වතාවයි මට හම්බවෙලා තියෙන්නේ. දිනක්ෂි එක්ක ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයෙත්, පියුමි හංසමාලි සහ ඕෂධි හිමාෂා එක්ක ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටයෙත්, ‘අග පිපි මල්’ චිත‍්‍රපටයේ උදයන්ති කුලතුංග එක්කත්, ‘මේඝ’ චිත‍්‍රපටයේ දුෂේනි එක්කත් රඟපාලා තියෙනවා.

දැන් සැබෑ ජීවිතේ පේ‍්‍රමවන්තයෙක් වෙලා කියන්නේ ඇත්තද?

මම කොහොමත් පේ‍්‍රමවන්තයෙක්. පේ‍්‍රක්ෂකයන් මට ගොඩක් ආදරෙයි. මාත් ඔවුන්ට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ හැමදාටම ඒ විදියට තියෙයි. විශේෂයෙන් පේ‍්‍රමවන්තයෙක් වෙලාත් නැහැ. වුණෙත් නැහැ. මම හැමදාම ආදරේට ආදරේ කරන සංවේදී පුද්ගලයෙක්. මට ආදරේ කරන මිනිස්සුන්ට මමත් ගොඩක් ආදරෙයි.

එහෙම කටකතාවක් පැතිරෙන්න හේතුවක් තියෙන්නත් ඕනේ නේද?

ඒක මම හිතන්නේ ඒ චිත‍්‍රපටය රූගත කරන කාලය අතරතුර අන්තර්ජාලයේ පළවුණ ඡුායාරූප එක්ක ඇතිවුණ කටකතාවක්. ඇය මගේ හොඳ යහළුවෙක්. ඒ නිසා ඒ වගේ කටකතාවක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම කටකතාවක් මීට පෙරත් ඇතිවුණා මම කලින් චිත‍්‍රපටයක රඟපාපු නිළියක් සම්බන්ධ කරගෙන. එහෙම දෙයක් දැනට නම් නැහැ. ඉදිරියේදී එහෙම දෙයක් ඇතිවුණොත් දැනගන්න ලැබෙයි.

 දුෂේනිත් එක්ක රඟපෑම මොනවගේද?

මේඝ චිත‍්‍රපටයේ අපි දෙන්නට ගොඩක් එකට රඟපාන්න හම්බවුණේ නැහැ. එහෙම නොලැබුණත් ඒ චිත‍්‍රපටයේ තිබුණ රූගත කිරීම් එක්ක ඇයත් එක්ක රඟපාන එක ලේසියි. ඒ චිත‍්‍රපටයේ අපි දෙන්නගේ ලස්සන සිංදුවක් තිබුණා. රිවර්ස්ටන්වල ඒ සිංදුවේ රූගත කිරීම් තිබුණේ. ඒ තැන්වලට ගිහිල්ලා ෂූට් කරන එක ටිකක් අපහසුයි. ඒ දේවල්වලදී අපි එකිනෙකාට උදව් කළා.

ඇය තුළ දකින හොඳම ගතිගුණය මොකක්ද?

මේ චිත‍්‍රපටය පුරාම අපි දෙන්නා සහයෝගයෙන් වැඩ කළා. ඇයට හොඳ ඉවසීමක් තියෙනවා. එයත් අලූත් නිළියක්. මාත් ෆීල්ඞ් එකට ඇවිල්ලා තවම ටික කාලයයි. මම හිතන්නේ අපි දෙන්නගේ සහයෝගය නිසා අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේ අපි දෙන්නට දෙන්න පුළුවන් වුණා.


- සාරවිට .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.