May 14

රූකාන්තගේ විරෝධය මැද ප්‍රේමය ජයගත් හැටි රයිනි මුල්‍වරට හෙළිකරයි

හිතකට ආදරයක්‌ හිතුණහම ඒ හැම බාධකයකටම මුහුණ දෙන්න ශක්‌තිය දෙන්නෙත් ඒ ආදරයමයි කියල මට පහදල දුන්නෙ ඔයාගෙ ආදරයමයි. මං ලෝකය ගැන කියවන්න පටන් ගත්ත විතරමයි. ඔයා හෙමිහිට ළං වෙලා මේ ලෝකෙ ප්‍රේමය තරම් රසවත් හැඟුමක්‌ තවත් නෑ කියල මට කොඳුරල කියද්දී මට බයත් හිතුණා. ඒත් හිතුවක්‌කාර යෞවනය මට ඉඩදුන්නෙ නැහැ මගේ හිතට වැටකඩොලු තනන්න. ඔන්න අපි පෙම්වතුන් උනහැටි. ඒත් ඊට පස්‌සෙ. ඔව් ඊට පස්‌සෙ... උදාවුණේ මල් සමයක්‌ වුණාට ඒ මල්පෙතිමත ගොඩක්‌ කඳුළු තැවරිලා තිබුණා.

එක දවසක මේ කඳුළුවල සීතල දරාගන්නම බැරිතැන ඔයා කිව්ව මට නතර වෙන්න කියල. ඔයා දන්නවද එදා තමයි මම වැඩියෙන්ම ඇඬුවේ රයිනිගෙ හිත අකිල ළඟ නතර වුණා.

රයිනිගෙ ලෝකයට ආදර හැගුම් ඇතුළු වුණ අතීතයේ දවස්‌ සිහි කළොත් ?

මම අකිලව අඳුර ගන්නෙ ඇමෙරිකාවේදී. 2007 තමයි අපි ඉස්‌සරලාම එයාව දකින්නෙ. මොකද අකිලත් ඒ වෙත්දී මගේ තාත්තිගේ සංගීත කණ්‌ඩායමේ වාදන ශිල්පියෙක්‌. මම නම් ඒ වෙද්දී ගීත ගයන්නෙ නැහැ. අපි අතර ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිවෙන්නෙ 2009 අවුරුද්දෙ. ඒ වෙද්දිත් මම ගායිකාවක්‌ නෙවෙයි. මම සංගීත කටයුතු නොකළත් ඇමෙරිකාව වෙසෙන ශ්‍රී ලාංකික පවුල් ටිකක්‌ නිසා අපි හැමෝම එකමුතුව හිටියේ. ඒ නිසා අපි ළඟින් ඇසුරු කළා.

ඊට පස්‌සෙ ?

අපි ආදරවන්තයින් වුණාට පස්‌සෙ 2009 ජූනි මාසේ අපි ලංකාවට ඇවිත් රූ සඳ රෑ ප්‍රසංගය කළා. අකිලත් අපි එක්‌කම ලංකාවට ආවා. එයා තමයි එම ප්‍රසංගයේ ඩ්‍රම්ස්‌ වාදනය කළේ. අපේ ආදරය පටන් ගත්ත අවුරුද්දෙ තමයි නීල කඳු ගැටයේ මගේ පළමු වැනි ගීතය කළේ. ඒ ගීතය කරල ඇමෙරිකාවට ගියාට පස්‌සෙ 2015 දී අපි ඇමෙරිකාවෙදී විවාහ වුණා.

රයිනිගේ විවාහය වෙනුවෙන් උත්සවයක්‌ ලංකාවෙත් පැවැත්වූවා නේද?

අපි ඇමෙරිකාවෙ විවාහ වෙලා අවුරුද්දකට විතර පස්‌සෙ ලංකාවට ඇවිත් ඒ වෙනුවෙන් ලංකාවෙ ඉන්න අපේ හිතවතුන් වෙනුවෙන් උත්සවයක්‌ ගත්තා.

මේ ආදරයට ප්‍රශ්න ආවෙ නැතිද ?

බාධක ගොඩක්‌ තිබුණා. මොකද අපේ සම්බන්ධය පටන් ගද්දි මට අවුරුදු 18 යි. මම ඉස්‌කෝලෙ අවසන් කරල විශ්වවිද්‍යාලෙ යන්න පටන් ගත්තා විතරයි. මගේ පාර්ශවයෙන් තමයි ප්‍රශ්න ආවෙ. ඒ ප්‍රශ්න නිසා සැලුන තැන් තිබුණා. දිගින් දිගටම ප්‍රශ්න එද්දී වැඩිහිටියන්ගේ අකමැත්තෙන් මේක කරන්න බැහැනේ. මට මගේ දෙමවුපියන්ගේ රැකවරණය උදව් ඕනෑ කියල දන්න නිසා එයා කිව්ව මට තීරණයක්‌ ගන්න කියලා. ඒත් මම කැමැති වුණේ නැහැ අකිලගෙ ආදරේ අතාරින්න.

රයිනිට වැඩියෙන්ම බාධක ආවෙ අම්මාගෙන්ද? තාත්තගෙන්ද ?

අම්ම තමයි මගේ පැත්තට හිටියේ. මොකද මම සාමාන්‍යයෙන් යමක්‌ ඉල්ලන ළමයෙක්‌ නෙවෙයි. රණ්‌ඩු කර කර අඬ අඬා මේ ප්‍රේම කරන්න ඕන කියන්නෙ මට මේ ආදරයම ඕන නිසා කියල අම්ම වටහාගෙන හිටියා. ඒ තත්ත්වය අම්මි හැමවෙලාවකම තාත්තට පැහැදිලි කරන්න උත්සාහ කළා.

විවාහයෙන් පස්‌සෙ රයිනියි අකිලයි ලංකාවෙ පදිංචියට එන්න සැලසුම් කරල නේද හිටියෙ?

අපි ලංකාවට එන්න හිතාගෙන හිටියේ 2020 දී විතර. ඔය අතරෙ අකිල ලංකාවට ආවා. එයාට ඕනෑ වුණා අමතර ආදායම් මාර්ගයක්‌ විදිහට ලංකාවෙ ව්‍යාපාරයක්‌ පටන් ගන්න. ඒත් ගුවන්තොටුපළේදීම එයා ගෙනාපු සල්ලි හැම දෙයක්‌ම නැතිවුණා. ඒ නිසා දවසක්‌ ඇතුළත මමත් ලංකාවට ආවා. ඒ ආපු ගමන් තමයි අපි දිගටම ලංකාවෙ ඉන්නේ.

රයිනිගෙ ජීවන සහකරු ලෙස අකිල මොනතරම් දුරට සැසඳෙනවද ?

එයා තමයි මගේ කළමනාකරු. මට ගොඩාක්‌ ලේසියි. මට ලැබෙන සංදර්ශන මිලගණන් ප්‍රවාහන පහසුකම් හැම දෙයක්‌ම හොයල බලනවා. මට තියෙන්නෙ සංදර්ශනයට ඇඳුම් සූදානම් කරගෙන සහභාගිවෙන එක විතරයි. ඒ තත්ත්වය මට හරි පහසුවක්‌. මේ දේවල් මම වෙනුවෙන් වෙන කෙනකුට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.

ආදරය කරන්න පටන් ගත්ත කාලෙ රයිනිත් අකිලත් අතර හුවමාරුවුණ ආදර තිළිණ මතකද ?

අකිල ඉස්‌සරලාම මාව බලන්න ඇවිත් මට ලස්‌සනට ඇසුරුම් කරල අලුත්ම ජංගම දුරකථනයක්‌ තෑගි දුන්නා. ඒක තමයි පළමුවැනි තෑග්ග. ඒක අදටත් මා ළඟ තියෙනවා. මම හැමවෙලාවකම එයාට මොනව හරි දෙයක්‌ දෙනවා. දැන් වුණත් සාප්පු ගියහම මම එයාට ගැලපෙනවා කියල හිතෙන හැම දෙයක්‌ම ගන්නවා. අන්තිමට එයාට තමයි වැඩියෙන්ම දේවල් අරගෙන තියෙන්නෙ.

ධම්මිකා සුරංජි පතිරණ
මුලාශ්‍ර - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.