Mar 02

වැඩකරන සේවකයන්ට ලිංගික කටයුතු වෙනුවෙන් පැයක්

වැඩ කරන සේවකයන්ගේ ජීවිතවල සතුට වර්ධනය කිරීම සඳහා ඔවුන්ට ලිංගික කටයුතුවල නිරත වීමට දිනකට වැටුප් සහිත පැයක කාලයක් ලබාදීමට ස්වීඩනයේ මන්ත්‍රීවරයෙක් එරට රජය වෙත යෝජනා කර තිබෙනවා.


එරික් මුස්කෝස් නැමති හතළිස් දෙහැවිරිදි මෙම මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා නාගරික සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී පවසා තිබෙන්නේ රාජකාරී කටයුතුවලින් මානසික ආතතියට පත්වන සේවා නියුක්තිකයන් හොඳ පවුල් ජීවිතයක් පවා නොලබා රැකියාවන්හි නිරත වෙන බවයි.

“ලිංගිකත්වය කියන්නේ පුද්ගලයෙකුගේ නිරෝගීබව පිළිබඳ සාක්ෂියක්. නමුත් අවාසනාවකට මේ රටේ මිනිස්සුන්ට ඒ ක්‍රියාකාරකම්හි නිරත වෙන්න තියා තමන්ගේ පවුලේ අය සමඟ කතා බහ කරන්නවත් නොහැකි තරමේ පීඩනයක් තියෙන්නේ. ඒ නිසා රජය මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කළ යුතුයි. එක්කෝ වැඩ කරමින් සිට ගෙදර ගිහින් එන්නට හෝ, නැත්නම් එම ක්‍රියාවලිය වෙනුවෙන් පැයක කාලයක් රාජකාරියට පමාවී එන්නට සියලු වැඩ කරන සේවකයන්ට අවස්ථාව සලසා දෙන්න මම යෝජනා කරනවා.”මන්ත්‍රීවරයා සභාව තුළ පවසා තිබුණා. මන්ත්‍රීවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කරනවාද, නැද්ද යන්න පිළිබඳව තවම තොරතුරක් මාධ්‍යයට වාර්තා වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.