Feb
14
පකිස්තාන අධිකරණයක් වැලන්ටයින් සැමරුම තහනම් කරයි !
වැලන්ටයින් හෙවත් පෙම්වතුන්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඉස්ලාමාබාද් අධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
ඉස්ලාමාබාද් මහාධිකරණය ලබා දුන් නියෝගයට අනුව වහා ක්‍රියාත්මකවන පරිදි වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැක.
වැලන්ටයින් දිනය හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධිකරණය මාධ්‍ය වෙත උපදෙස් ලබා දී තිබේ.
පසුගිය වසරේ ප්‍රකාශයක් කළ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් පාකිස්තාන සංස්කෘතියේ කොටසක් නොවන වැලන්ටයින් දිනය බටහිර චාරිත්‍රයක් ලෙස විග්‍රහ කළේය.