Feb 14

අමරසිරි පීරිස්ට ලක්ෂ 7.5 ගෙවලා නෑ සංවිධායකයන්ගෙන් වංචාවක්

උන්මාද  සඳ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ ගීත ගායනය සඳහා ආරාධනා කර සංවිධායකයන් ‍පොරොන්දු වූ රුපියල් හත් ලක්ෂ පනස්දහසක මුදල ගෙවීම පැහැර හැරී බව කියමින් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයට මුදල් නොගෙවීම සම්බන්ධයෙන් (11දා) රාත්‍රියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.


අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයට සංවිධායකයින් ‍පොරොන්දු වී ගිවිසගත් ආකාරයට රුපියල් 750000 මුදල නොගෙවීම හේතුවෙන් ඒ මහතා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණි.

පැමිණිල්ල සමග වහාම ක්‍රියාත්මක වූ ‍පොලීසිය එම ප්‍රසංගය සංවිධානය කළ තරුණ කාන්තාවක ඇතුළු කිහිපදෙනෙකු අනුරාධපුර නගරයේ පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටියදී ‍පොලීසියට කැඳවා ආරවුල විසඳීමට කටයුතු කර තිබුණු අතර සංවිධායකයින් අමරසිරි පීරිස් මහතාට ගෙවිය යුතු මුදල ගෙවීමට ‍පොරොන්දු වී තිබුණි.

අමරසිරි පීරිස් මහතා සහභාගි වූ ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත් රැගත් රසිකයන් පිරිස  විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට පැමිණ සිටි අතර සංවිධායකයින් එහි නොපැමිණියත් රසිකයන් වෙනුවෙන් ගීත හයක් ගායනා කිරීමට ඒ මහතා කටයුතු කළේය. සිය රසිකයන් වෙනුවෙන් ගීත ගායනා කළ අමරසිරි පීරිස් මහතා ‘මෙම අනුරාධපුරයට දෙතුන් වතාවක් සංගීත ප්‍රසංගවලට ආවා. නමුත් මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ නැහැ’ යනුවෙන් පවසා ‍පොරොන්දු මුදල නොගෙවීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට ගොස් පැමිණිලි ඉදිරිපත් කළේය.

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ගෙන්වා ඔහුට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් උන්මාද සඳ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය සංවිධානය කළ අසංගි චන්දිමා විජේසූරිය මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය. “මම එතුමාට අගෞරවයක් වන වචනයක්වත් කියන්න කැමැති නෑ. අනුරාධපුර නගරයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් තමයි ප්‍රසංගය කඩාකප්පල් කළේ. මට විවිධ තර්ජනත් ආවා. මම ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකතුමාට ලිඛිතව දැන්වීම් කරා. අමරසිරි පීරිස් මහතා මා සමග  ඇති වූ අමනාපයක් හේතුවෙන් සංගීත ප්‍රසංගයට සහභාගි නොවී (11දා) සවස පහට අනුරාධපුරයෙන් යනවා කිව්වා.

ඒ නිසා මම ආරාධිත අමුත්තන් ඇතුළු සියලුම රසිකයින්ට දැන් වුවා ප්‍රසංගය අවලංගුයි කියලා. ඒ වගේම ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නත් එපා කියලත් කිවුවා. නමුත්  සවස හතට විතර ඒ මහතා විද්‍යාලයට ඇවිල්ලා සින්දු  කියලා. ඇයි අවලංගු කරපු ප්‍රසංගයකට සහභාගි වුණේ. නමුත් එතුමාව මමයි අනුරාධපුරයට ගෙන් වූයේ ‍පොරොන්දු මුදල් දෙනවා. අනුරාධපුර නගරයෙන් ප්‍රවේශපත්‍ර 44ක් අලෙවි වී තිබුණා. ඒ මුදලුත් මම රසිකයන්ට නැවත ලබා දෙනවා” යැයි ඇය පැවැසුවාය.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එම්.එස්.කුමාරසේන මහතා ඇතුළු පිරිසක් පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.