Dec
30
බාලවයස්කාර තරුණයකුගේ නිරුවත දෑක වැන්දඹු බිරිය හොයාගෙන ගිහින්
මුහුණු පොතෙන් හමුවූ බාලවයස්කාර තරුණයකුගේ නිරුවත මුහුණු පොතෙන් දැක ගෙවල් අතහැර මාතලේට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක් ලබන 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/ මහෙස්ත්‍රාත් එස්. බී. එච්. එම්. සේසිරි හේරත් මහතා නියෝග කළේය.
සැමියාගේ මරණයෙන් වැන්දඹුවක බවට පත් මෙම කාන්තාව විදේශගතව සිටියදී බාලවයස්කාර තරුණයා මුහුණු පොතෙන් හමුවී ඇත.
කල්යත්ම ඇසුර දුර දිග ගොස් ඇති බවත් බාලවයස්කාර තරුණයාගේ නිරුවත මුහුණු පොතෙන් දැක තිබේ. කාන්තාව මෙරට පැමිණි වහාම රෙදිපිළි පොදි බැඳගෙන තරුණයා සොයා මාතලේට පැමිණ ඇත.
තරුණයා නිවෙසේ නොසිටි බැවින් කාන්තාව නොසන්සුන්ව මාර්ගයේ ගමන් ගත් වාහනයකට පැන සියදිවි නසා ගැනීමට තැත්කර ඇත. කාන්තාවගේ නොසන්සුන් හැසිරීම පිළිබඳව නිවැසියන් විසින් මාතලේ පොලිසියට පැමිණිලි කරන ලදුව පොලිසිය මැදිහත්ව කාන්තාව අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.
තරුණයාගේ කිසිදු අනුදැනුමකින් තොරව මෙම කාන්තාව තරුණයා සොයා මාතලේට පැමිණ ඇති බවත් තරුණයා නොසිටීම නිසා කලබලයට පත් කාන්තාව සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේදී ළමා හා කාන්තා කාර්යාංශය මැදිහත්ව කාන්තාව පොලිසිය භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අබේසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක ධම්මිකා කරුණාරත්න මහත්මිය සමඟ පොලිස් සැරයන් විජිත බණ්ඩාර (32000) මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.