Dec
30
ප්‍රභාකරන් මියයෑමෙන් පසු දෙමළ ජනතාවට නියම නායකයකු ලැබී නෑ

යහපාලන රජයද දෙමළ ජනතාවගේ ගැටලු විසඳන බැව් ප්‍රකාශ කරනු ලැබුවද මෙතෙක් එම ජනතාවගේ ගැටලු සඳහා නිසි පිළිතුරු නොලැබී ඇති බවද රාජ්‍ය ඇමැතිවරිය කියයි.
කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළෙඳ සංකීර්ණයේ ඇති වූ ගින්න හේතුවෙන් විනාශයට පත්වූ වෙළෙඳසල් වෙනුවෙන් ඒවායේ හිමිකරුවන්ට වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍යවරිය එලෙස පැවැසුවාය.
දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ වෙත ඡන්දය ලබාදුන් නමුත් ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් නිසි විසඳුම් ලබාදී නොමැති බව ඇය පැවැසුවාය.
විවිධ වරප්‍රසාද හා වරදාන හේතුවෙන් දෙමළ ජනතාවගෙන් කොටසක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පාවාදී ඇති බව ඇය කීවාය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පාවාදෙන නියෝජිතයන් වෙනුවෙන් ඡන්දය ලබාදීමට දෙමළ ජනතාව ඉදිරියේදීවත් කටයුතු නොකළ යුතු බැව්ද මහේෂ්වරන් මහත්මිය සඳහන් කළාය.