Dec 30

ලොතරැයියක මිල රු. 30 කළාම රු. 5.25ක කොමිස් මුදලක් ඉල්ලති

රුපියල් 20ක් වන ලොතරැයි පතක මිල 2017 ජනවාරි මස 1වැනිදා සිට රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට සාපේක්ෂව තමන්ට රුපියල් 5.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.


කොටුව සම්බෝධි විහාරස්ථානයේදී (28දා) දහවල් පැවැති එම සංගමයේ විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹි එම සංගමය තමන්ට දැනට ලැබෙන සියයට 17.50ක ප්‍රතිශතයට අනුව එකී කොමිස් මුදල ලැබිය යුතු වුවද නව මිල සංශෝධනය යටතේ වැඩි කර ඇත්තේ සත 50ක කොමිස් මුදලක් පමණක් බවද ඒ අනුව තවත් රුපියල් 1.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයිද පෙන්වා දෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජනාධිපතිවරයා ආරම්භ කළ ජාතික වකුගඩු නිවාරණ අරමුදල මඟින් ඒකාබද්ධ අරමුදල, ජනාධිපති අරමුදල ඇතුළු අවශ්‍යතා සඳහා පසුගිය වසරේදී රුපියල් බිලියන 16.97ක් රජයට ලබාදී ඇතත් 35,000ක් පමණ වන ලොතරැයි නියෝජිතයන්ගේ හා සේවකයන්ගේ අභිවෘද්ධිය උදෙසා රජය පියවර ගෙන නොමැති බවත් තමන්ට ලැබිය යුතු කොමිස් මුදල ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ අවධානය යොමු කරන බවත් එම සංගමයේ ලේකම් බී.එච්.එස්. මදරසිංහ මහතා සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.