Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka Latest News

Loading...
මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරගයේදී ඔහුට සහාය දැක්වූවා සේම අවස්ථාවක් ලැබෙන්නේ නම් ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි-20 තරගයේදීද ඔහු වෙනුවෙන්ද ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග පවසනවා.

මෙම වසරේ ඉන්දියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 25 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති තරගයෙන් පසු දණහිසේ ආබාධයක් හේතුවෙන් විස්සයි-20 තරගයන් සඳහා එක් නොවූ මාලිංග 2015 වසරේ නොවැම්බර් 7 වැනිදායින් පසු එක්දින තරග සඳහාද සහභාගි වී නොමැත.

ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවීමට අපහසුව තිබුණත් මේ වනවිට තමන් පුහුණුවීම් අරඹා ඇති බවද පැවසූ මාලිංග සංගක්කාර, මහේල අයියලා හොඳින් සමුගත්තා සේම ඩිල්ෂාන් හොඳින් සමුගන්නවා දැකීම තමන් අපේක්‍ෂා කරන බවය.

2010 වසරේ මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේදී මට කිව්වා ‘මාලි මැච් එකක් ගහමු කියලා. මම කිව්වා ගහමු කියලා. මම ඒ වෙද්දී අවුරුදු 2ක් විතර ටෙස්ට් ක්‍රිකට් ගහලා තිබුණේ නැහැ. ඒත් මම මුරලි අයියට ගොඩක් ගරු කරන නිසා ඒ තරගයට සෙල්ලම් කරලා එයාට ජයග්‍රාහී ලෙස සමුගන්න සහයෝගය දැක්වූවා. ඒ වගේම ඩිල්ෂාන් වෙනුවෙන් ඒ වගේ සහයෝගයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මම තේරීම් කමිටුවට කිය කියා යන්නේ නැහැ මම ෆිට් කියලා” යනුවෙන් පැවැසූ මාලිංග ඉදිරිය ගැන තමන් නොසිතන බවත්, අතපය හතර කැරකෙනකම් තමන් ක්‍රීඩාවේ නියැළෙන බවද කීය.

“මම රට වෙනුවෙන් කළ දේවල් සමහර අයට මතක නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. මම පත්තර බලන කෙනෙක් නොවෙයි. ඒත් පත්තර බලලා තමයි මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන වැරදි වැටහීම් ඇතිකර ගන්නේ. මේ වැරදි වැටහීම් නිසා ඒ අය තමන්ගේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන එකටත් බයයි” යනුවෙන්ද මාලිංග ප්‍රකාශ කළේය.

- මව්බිම
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR