Aug 04

උදය ගම්මන්පිල ඉන්දියා ශ්‍රී ලංකා හනුමා පාලම පුපුරවනා බවට තර්ජනය කරයි (ජායා/වීඩියෝ)


ඉන්දියාව හා ලංකාව යාකරමින් ඉදිකිරීමට රජය විසින් සාකච්ජා කරමින් පවතින හනුමා පාලම ඉදිකලහොත් ඒය පුපුරවා හරින බවට අද (4) පැවති මාධ්‍යය හමුවකට ඒක්වෙමින් පිවිතුරු හෙල උරුම මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර තිබේ. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වූ ඉස්ලාමීය අාර්ථික සමුළුවට සහභාගීව සිටි කබීර් හෂීම් අමාත්‍යයවරයා ඒම සමුළුව අතර අැසූ ප්‍රශ්ණයකදී ලංකාව හා ඉන්දියාව අතර පාලම සාදන බවට ප්‍රකාශ කර අැති බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය.
උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම පාලම ඉදිකිරීම මගින් සිදුවන්නේ ඉන්දියාව හා ලංකාව යාකිරීමට වඩා තමිල්නාඩුව හා උතුර යාකිරීම බවයි. වර්ථමානයේ ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන 50ක් විරැකියාවෙන් පෙලෙන බවත් නමුතු ලංකාවේ මුළු ජනගහනයම මිලියන 21ක් බවත් මෙම පාලම ඉදිකිරීම මගින් ඉන්දියාවේ විරුකියාවෙන් පෙලෙන්නන් ලංකාවට පැමිණ ඒමගින් ලංකාවේ පිරිස් වලට රැකියා අහිමි වීමේ අවධානමක්ද පවතින බව හෙතෙම පැවසීය.

තමිල්නාඩුව හා ලංකාවේ උතුරු කොටස ඒක්වුනහොත් සිංහලයනට අැති ඒකම රට වන ලංකාව අපට අහිමි වන බවත් මෙම තීරණට රජය විසින් ගන්නේ ඉන්දියාවට අැති බිය නිසා බවද පැවසීය. ඒමෙන්ම මෙවැනි තීරණයක් ගැනීමට පෙර අනිවාර්්‍යයයෙන් ජනමත විචාරනයක් සිදුකලයුතු බවත්. රජය හිතුමතේ මෙම කාර්ය්‍ය කලහොත් ජාතික අාරක්ෂාව නාමයෙන් මෙම පාලම පුපුරවා දමන බවද ඔහු පැවසීය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.