Aug
04
නිදහස් පක්ෂ කුරුණෑගල නියෝජිතයන්ට දැඩි තීරණයක්

අද රාත්‍රී (4) ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යයම කාරක සභා රුස්වීමේදී කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.
මීට හේතුවී අැත්තේ අද උදෑසන මාධ්‍යය ඉදිරියේ ඉදිරි පළාත් පාලන මැතිවරණ සදහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටින්නැයි පක්ෂය විසින් යැවූ ලිපි ඒම සභාගැබේ සිටි හිටපු පළාත් පාලන නියෝජිතයන් විසින් ඉරා පිච්චීමයි.
ජනාධිපති නිලනිවසේ පැවති මෙම සාකච්ජාවේදී මහින්ද රාජපක්ශ ප්‍රමුඛව පැවැත්වූ පාදයාත්‍රාවට සහභාගී වූවන්ට ගතයුතු විනය ක්‍රියාමාර්ග පිළිබදවද කථා බහ කරන බව අාරංචි ලැබේ.