Aug
04
සෞදි අරාබියේ සේවා නියුක්තිකයන්ට රුකියා අහිමිවීමේ අවධානමක්

සෞදියේ රියාද් හි සාඩ් සමාගමේ සේවය කළ ලාංකිකයන් 12 දෙනකුට රැකියා අහිමි වී ඇතැයි ද කියති. ඔවුනට ආහාර ඇතුළු පහසුකම් නොලැබෙන බව වාර්තා වූ අතර ඒ පිළිබඳ සොයා බැලූ බවත්, වහාම ඔවුනට ආහාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය මගින් මුදල් ලබා දීමට පියවර ගෙන ඇත.
එසේම මෙම සමාගම මගින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර එම කටයුතු අවසන් වූ පසුව මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බව ඒරට තානාපති කාර්්‍යාලය ප්‍රකාශ කර අැත.
මේ අතර රියාද් හී පිහිටි සෞදි ඕජර් සමාගමේ ශ‍්‍රි ලංකා ශ‍්‍රමිකයින් 100 ක් පමණ පිරිසක් සේවය කරන බවත්, ඔවුන්ද මෙම ගැටලූ වලට මුහුණ දී සිටිති. ඔවුන් අතරින් සේවකයින් 40 දෙනෙකු පමණ රියාද් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ බව පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටී. මෙම සේවකයින් සඳහා ආහාර පහසුකම් තානාපති කාර්යාලය හරහා ලබා දීමට පියවර ගෙන ඇත.