Aug 31

ඇපල් සමාගමට යුර‍ෝ බිලියන 13ක දඩයක්. (Video)


ව්‍යාපාරික බදු මුදල් වශයෙන් අයර්ලන්තය ඇපල් සමාගමෙන් යුරෝ බිලියන
13 ක් දක්වා වූ මුදලක් අයකරගත යුතු බව යුරෝපා කොමිසම තීන්දු කර තිබ්‍ෙ.

අයර්ලන්තය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථාන කරගත් ඇපල් සමාගමට ලබා දී ඇති බදු සහන නීති විරෝධී බව යුරෝපා කොමිසම තෙවසරක් පුරා පැවැත්වූ පරීක්ෂණ වලින් පසු ම‍ෙම තීන්දු ග‍ෙන තිබ්‍ෙ.ම‍ෙම තීන්දුව්‍ෙ සදහන්ව ඇත්ත‍ේ අන‍ෙකුත් සමාගම් වලට සාප‍ේක්ෂව අයර්ලන්තය විසින් ඇපල් සමාගමට ලබාදී තිබූ සහනය හ‍ේතුව‍ෙන් ග‍ෙවා ඇත්ත‍ේ 1% ක බදු ප්‍රතිශතයක් බවයි.

ම‍ෙම ක‍ොමිසම්‍ෙ තීන්දුව අභිය‍ෝගයට ලක්කරමින් ඇපල් සමාගම හා අයර්ලන්තය නිව්‍ෙදනය කර තිබ‍ෙන්න‍ේ ම‍ෙයට අභියාචනා ඉදිරිපත් කරන බවයි.

යුර‍ෝපා සංගම් ක‍ොමසාරිස් මාග‍්‍රේත ව‍ෙස්තයර් පැවසූය‍ේ "තෝරාගත් සමාගම්වලට පමණක් බදු සහන ලබාදීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට හැකියාවක් නැත. යුරෝපා සංගමයේ නීති විධිවිධාන ප්‍රකාර එය නීතිවිරෝධී" බවයි. සාමාන්‍යයය‍ෙන් අයර්ලන්ත රජය ව්‍යාපාරිකයන්ග‍ෙන් අයකරන බදු ප්‍රතිශතය 12.5% ක් ව්‍ෙ නමුත් යුරෝපා සංගමය තුල සිදුකරන ලද ව්‍යාපාරික කටයුතුවල ලාභය වෙනුවෙන් 2003 වසර තුල ගෙවා තිබෙන්නේ 1% ක් වන අතර, 2014 දී ගෙවා තිබෙන්නේ 0.005% ප්‍රතිශතයක් බව ම‍ෙම පරීක්ෂණ මගින් යුරෝපා කොමිසම ස‍ොයාග‍ෙන තිබේ.

ඇපල් සමාගම පවසන්න‍ේ ක‍ොමිසම්‍ෙ තීන්දුව මගින් විශාල පිරිසකග‍ේ රැකියා අනතුරේ හෙලන බවයි. යුරෝපය තුල සිය සමාගමේ 'ඉතිහාසය අලුතින් ලිවීමේ' උත්සාහයක් දියත්කිරීමක් ලෙසිනුයි ඇපල් සමාගමේ යුරෝපා කොමිසමේ තීන්දුව හඳුන්වා දෙන්නේ.

සිය සමාගම ක්‍රියාත්මක වන ඕනෑම රටක නීතිය පිළිපදින බවත්, අදාළ සියලු බදු මුදල් ගෙවන බවත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබ්‍ෙ. යුරෝපා කොමිසමේ තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරන අයර්ලන්තයද ඒ හා සමාන මතයක් පළ කර තිබේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.