Sep
23
‘‘ලබන නිවාඩුවට ආවාම ගඩොල් ටිකක් ගෙනල්ලා ගේ ඉතුරු වැඩ ටික පටන් ගමු. පොඩි දෙන්න හොඳට බලා ගන්න...’’ කියලා ගිය මහත්තයාට මොකක්ද මේ උනේ ? මහත්තයා සතුන්ටයි කැලේටයි හරිම ආදරෙයි. නිතරම දරුවන්ට ඒ ගැන කියලා දෙනවා. එහෙම කරපු මහත්තයට ඇයි මෙහෙම දෙයක් වුනේ. දැන් අපි තනි වුනා. වන අලියකු පහරදීමෙන් මියගිය වන ජීවි ක්ෂේත්ර සහායක ඞී. එම්. ධර්ම කුමාර මහතාගේ බිරිඳ වන කේ.එම්. නිලූකා චාමලී මහත්මිය හැඬූ කඳුළින් පවසා සිටියාය.