Jan
21
ටියුෂන් ගුරාගේ අයිඩෙන්ටිය සිසුවාගේ මවගේ ඇඳ උඩ
රජරට පළාතේ ජීවත් වූ අඹුසැමි යුවළක් වාසය කළේ ඉතාම සතුටිනි. කුඩා දරුවන් දෙදෙනකුද වූ අතර සැමියා පාසල් ගුරුවරයෙකි. රාත්‍රි කාලයට නිවෙස්වලට ගොස් අමතර පන්ති කිරීමෙන් වැඩිපුර මුදලක්ද උපයා ගත්තේය.
සැමියාගේ කිසිම වරදක් නොදුටු බිරිඳ ඔහු ගැන සැකයක් තබා ගත්තේද නැත. අමතර පන්ති කිරීමට ඇයගෙන් අනුබලයක් ලැබුණා විනා විරුද්ධකම් පෑවේද නැත. එහා ගමේ කාන්තාවක් ඇයගේ හොඳම මිතුරියකි. එම නිවසේ දරුවාට පන්ති කිරීමට යනවිට සමහර දිනවල ඇයද ගියේ මිතුදම ඉතා ඉහළ තලයක වීම නිසයි. එම නිවසේ ගෘහ මූලිකයා මිය ගොසිනි.
දිනක් අපේ කතානායිකාව මෙම නිවසට සුපුරුදු ලෙස ගොස් සතුටු සාදයේ යෙදුණේ ඉමහත් සතුටිනි.
අලුතින් ගත් සාරි කීපයක් තම මිතුරියට පෙන්වීමට ඇය නිදන කාමරයට කැඳවාගත් වැන්දඹු කාන්තාව සාරි ගැන වර්ණනා කරමින් සිටියාය. ඇයගේ නිදන ඇඳ වෙත ඇස් යැවූ අනෙක් කාන්තාව ඇඳ උඩ තිබූ දෙයින් පුදුම වූවාය.
එය අතට ගත් ඇය ‘මේක කොහෙන්ද අනේ ඇඳ උඩට ආවෙ. මේක අපේ මහත්තයගෙ අයිඩින්ටියනෙ.’
‘මම දන්නෙත් නෑ අනේ. සමහර විට පුතා ගෙනත් විසි කරන්න ඇති’
‘පුතාට විසිකරන්න වටිනා දෙයක් දෙනවද මෝඩියෙ. මම දන්නව වෙලා තියෙන සංසිද්ධිය. මම අල්ල ගන්නම්කො අද උන්දැව. එසේ කියමින් පරල වූ කපුවකු සේ කාමරයෙන් පිටවූ ඇය සැමියාට දෙස් දෙවොල් තබන්නට වූවාය.
ඔහුටද පිළිතුරු නැති විය. ඉන්පසු ටියුෂන් දීමද නතර වූ අතර මිතුරුකමටද කණ කොකා හැඬුනේ නොසිතූ ලෙසය.
කරුණාදාස සපුතන්ත්‍රි
නිකදළුපොත