Jan 21

අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට දැඩි දඬුවම්


බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් පුද්ගලයෙකු ප්‍රතිකාර මධස්ථානය කරා රැගෙන යාමට ගිය අවස්ථාවේදී එහි ගිය සෞඛ්‍ය බලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට කෙළ ගසා තර්ජනය කළ පුද්ගලයෙකුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වසර 06 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

පොලිසියේ නිළධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවදිමින් " උබලාටත් කොරෝනා බෝකරනවා" යැයි තර්ජනය කරමින් රජයේ නිලධාරීන් ගේ රාජකාරියට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා 08 කට අදාළව මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය විසින් වසර හයක බරපතල සිර දඬුවම් නියම කර ඇති අතර රුපියල් 10,000 බැගින් වූ දඩයක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.