Jan 21

වෛද්‍යවරියට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්


පසුගියදා අවසන් වූ එංගලන්තය සමග පළමු ටෙස්ට් තරඟාවලියේදී තරගයට ක්‍රීඩා කළ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සමග අයුතු ලිංගික හැසිරීමක නිරත වූ බව කියන වෛද්‍යවරිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණයක් ලබා ගෙන තිබෙනවා.

මේ අනුව මින් ඉදිරියට කාන්තා නිළධාරිණියන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට ඇතුල් වීම තහනම් කර තිබේ.

මින් පෙර පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදීද අදාල වෛද්‍යවරිය සමග යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකු මෙලෙසට අයුතු ලිංගික සබදතා පවත්වා තිබෙන බවත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළා. මෙම සිදුවීම අනාවරණය වූ පසු එම ක්‍රීඩකයන් දෙදෙනාද දෙවන තරගය සඳහා වූ සංචිතයෙන් නිදහස් කළ අතර ගාල්ල පළමු තරගය අතරතුර සිදුවීමට අදාල ක්‍රීඩකයා හෙට තරගයෙන් ඉවත් කිරීමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ලබා ගන්නවා වෙනුවට කාන්තා නිළධාරීණියන්ට විවේකාගාරයට ඇතුල් වීම තහනම් කිරීමෙන් පමණක් මෙම යොවුන් ක්‍රීඩකයන්ගේ විනය විරෝධි හැසිරීම් අවසන් නොවන බවට ක්‍රීඩා විචාරකයන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.