Jan 04

රහලදී ති‍්‍රරෝද රථයක් නවත්වා පොලූවලින් ගහලා තරුණයකු මරලා - සිරුර මාඔයට දමලාලූ


ත‍්‍රිරෝද රථයකින් නිවස බලා යමින් සිටි තරුණයන් තිදෙනකුට අරණායක රහල සපත්තු පාසල අසලදී පළමු වැනිදා රාත‍්‍රියේ සිදුකළ පහරදීමකින් එක් අයකු මරණයට පත් වී අනෙක් දෙදෙනා තුවාල ලබා කෑගල්ල සහ අරණායක රෝහල්වලට ඇතුළත් කර තිබේ. ප‍්‍රහාරයට ලක් වූ එක් අයකු බරපතළ තුවාල සහිතව කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අරණායක පොලිසිය පවසයි.

පහර දීමෙන් මියගොස් ඇත්තේ අරණායක අරම ප‍්‍රදේශයේ පදිංචි ජී. ආර්. අසංක කරුණාරත්න නමැති තිස් හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු හොරේවල නගරයේ ත‍්‍රීරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කළ අයෙකි. බරපතළ තුවාල ලබා ඇත්තේ අරණායක අරම පදිංචි චාමර පුෂ්පකුමාර (33) නමැති එක් දරු පියෙකි. මෙම ඝාතනය හා පහරදීමට සම්බන්ධ බව කියන අරණායක නගරය අවට පදිංචි පුද්ගලයන් 06 දෙනකු, යතුරුපැදි දෙකක්, ත‍්‍රිරෝද රථයක් 02 වැනිදා දහවල් අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පහරදීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තුවාල ලබා රෝහල්ගත කර තිබෙන දෙදෙනා ඉකුත් පළමු වැනිදා රාත‍්‍රියේ අරණායක නගරයේ සිට ත‍්‍රිරෝද රථයකින් නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දැනට අත්අඩංගුවේ සිටින ප‍්‍රධාන සැකකරු අරණායක මානදී විදුහල අසලදී ත‍්‍රිරෝද රථය නවතා ඝාතනයට ලක්වූ තරුණයාට තර්ජනය කර ඇති බවත්, පසුව ත‍්‍රිරෝද රථය ලූහුබැඳ ගොස් රහල සපත්තු පාලම අසලදී යතුරුපැදිය හරස් කොට ත‍්‍රිරෝද රථය නවතා මෙම පහරදීම සිදුකර ඇති බවත්, ප‍්‍රහාරය සදහා තවත් පිරිසක් සපත්තු පාලම අසලදී එක්ව ඇති බවත්, එම පිරිස පොලූවලින් පහරදී ඇති බවත්, පොලූ පහරවලට ලක්වූ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් හෙළිවී ඇත. ත‍්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයකු බරපතළ තුවාල සහිතව පාලම උඩ වැටී ඇති අතර, අනෙක් තැනැත්තා පොලූ ප‍්‍රහාරවලින් බේරී එම ස්ථානයෙන් දුවගොස් සැ`ගවී ඇති බවත් සඳහන් වෙයි.

මෙම මිනිස් ඝාතනය පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් අරණායකදී 02 වැනිදා දහවල් සිදුකළ අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාව ලබා දෙන ලෙස කෑගල්ල මූලික රෝහලේ අධිකරණ වෛi නිලධාරිවරයාට නියෝග කළේය. ජනවාරි 19 වැනිදා මහෙස්ත‍්‍රාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙසත්, එදින සියලූ සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙසත් අරණායක පොලිසියට නියෝග කෙරිණි.

පොලූ ප‍්‍රහාරයට ලක් වූ තරුණයා මියයෑමෙන් පසු ඔහුගේ සිරුර ඔසවා මා ඔයට දමා ඇති බවට පරීක්‍ෂණ පවත්වන පොලිස් නිලධාරීහු සැක පහළ කරති. මෙම ඝාතනය සහ ප‍්‍රහාරයට හේතුව දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පැවැති ආරවුලක් බව පොලිසිය පවසයි. පොලූ ප‍්‍රහාරවලින් පහරදීම් සිදුකර මිනිස් ඝාතනයක් හා තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් 06 දෙනා මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත 03 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත චන්ද්‍රසිරි, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ලක්දාස් අබේගුණසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද ගුණරත්න, පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන හරිස්චන්ද්‍ර, කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අරණායක - ප‍්‍රදීප් කුමාර ධර්මරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.