Jan
04
පාසල වැසීමෙන් දරුවන්ට ගෙදරදී හිංසා කිරීම් වැඩි වෙලා
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම මත පාසල් වසා තැබීමෙන් දරුවන්ගෙන් සියයට තිහක් පමණ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති බැවින් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබේ.
පාසල් දරුවන් වධ හිංසාවලට ලක්වීම මෙන්ම අධික නිදහස හේතුවෙන් ඔවුන් වෙනත් විෂම ක්‍රියාවල නිරත වීමද වැඩි වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එමෙන්ම පාසල් දැරියන් තිදෙනකු කොවිඩ් කාලයේ ගැබිනියන් බවටද පත්ව ඇති බවද පැවසේ. එම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදල ළමා හිංසනය පිටු දැකීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ලක් රජයටද දැනුම් දී ඇත.
ගෘහස්ත හිංසනය යන්න නිර්වචනය කිරීමේ දී වාචික හා මානසික හිංසනය, චිත්තවේගී හිංසනය, ආර්ථික හිංසනය, ලිංගික හිංසනය, දේපොළවලට අලාභහානි කිරීම, දෑවැදි පිළිබඳ ගැටලු, සේවා ස්ථානයේ අධ්‍යාපනය ලබන ස්ථානයේ පිටත සිට සිදු කරන සෝදිසි කිරීම්, අනවශ්‍ය ලෙස පාර්සල් සහ ලිපි බෙදා හැරීම, අන්තර්ජාලය මගින් ඊමේල්, කෙටි පණිවුඩ, යැවීම සහ ඡායාරූප පළ කිරීම, පීඩාවට පත් තැනැත්තන්ගේ පසු පස යමින් හිංසනයට බඳුන් කිරීම, අපහාස කිරීම යන අර්ථකථන පනතට ඇතුළත් කිරීමටද නියමිතය.
නව සංශෝධන යටතේ වැඩිහිටි හා දරුවන් යන වින්දිතයන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි රජයේ නිලධාරීන් ලෙස වනිතා සංවර්ධන නිලධාරී, උපදේශන නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ළමා රක්ෂණ නිලධාරී, ග්‍රාම නිලධාරී සමාජ සේවා නිලධාරී, පරිවාස නිලධාරී, විදුහල්පති සහ ගුරුවරුද ඇතුළත් කර තිබේ.
උදයජීව ඒකනායක