Jan
20
මෙරට ජනගහනයෙන් මිලියනයකට කොරෝනා ආසාදිතයින් 2465ක්
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියනයකට ආසාදිතයන් 2,465 දෙනෙකු වාර්තාවන අතර, මිලියනයකට සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
ඉන්දියාවේ ජනගහණයෙන් මිලියනයකට වාර්තාවී ඇති ආසාදිත සංඛ්‍යාව 7,573 ක් වන අතර, මරණ 109 ක් ලෙස දැක්වෙනවා.
සිංගප්පූරුවේ මිලියනයකට ආසාදිතයන් 10,062 ක් සහ මරණ 5 ක් සිදුව ඇති බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් මිලියනයකට ආසාදිතයන් 1,121 දෙනෙකු සහ මරණ සංඛ්‍යාව 93 ක් සිදුවන බවයි විදෙස් වාර්තා කියා සිටියේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ දෛනිකව ආසාදිතයන් 600 ක් පමණ වාර්තාවීම ඉතා අවදානම් තත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙනවා.
නිරෝධායන නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම තුළ මෙම තත්වය උද්ගතව ඇති බවයි ඔහු කියා සිටියේ.