Jan
20
දයාසිරිට සුවයි
කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වනවිට සුවය ලබා සිටින බව වාර්තා වේ.
පසුගිය ජනවාරි 08 වනදා රාජ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
ඉන් පසු ඒ මහතා හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යැවිණි.
මේ අතර කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අතරතුර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඔහුගේ ශරීර උෂ්ණත්ව පරික්ෂාවක් සිදුකරන ආකාරය සිය නිල ට්විටර් ගිණුමේ දක්වා තිබුණි.