Jan
02
පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න
පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය ආසාදිතයින්ගෙන් තුන්දෙනෙකුගේ ජායාරූප මාධ්‍යයට අද මුදා හැරුණා. එහි ප‍්‍රතිකාර ලැබූ මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 5 දෙනෙකු ඉකුත් 31 වනදා පලාගියා.
කෙසේවෙතත් ඉන් එක් ආසාදිතයෙකු සොයා ගැනීමට පොලීසිය සමත් වුණා. තවමත් සැගව සිටින ආසාදිතයින් නාමර්මල, මාරවිල, බොරලැස්ස සහ වයික්කාල ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
පොලීසිය විසින් මුදා හැරුණු පලාගිය ආසාදිතයින්ගෙන් තුන් දෙනෙකුගේ ජායාරූප සහ ඔවුන්ගේ විස්තර පහත දැක්වෙනවා.
ඔවුන් පිළිබද යම් තොරතුරක් වෙතොත් 071 8 591 233 යන ජංගම දුරකතන අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට හෝ 119 හදිසි ඇමතුම් අංශය අමතා විස්තර ලබාදෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.