Jan 09

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරයි


අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් " ශ්‍රී ලංකා අයි.එස්.අයි.එස්. සංවිධානය" නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

මෙලෙස චෝදනා එල්ලවී තිබෙන සැකකරුවන් වන්නේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමෙඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන අයවළුන් වේ.

මොහොමඩ් නව්ෆර් ශ්‍රී ලංකා අයි.එස්.අයි.එස්. නම් ත්‍රස්ත සංවිධානයේ දෙවන එමීර්වරයා ලෙස හඳුන්වනු ලබනවා. මොහු විසින් පුද්ගලයින් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පුහුණු කරවීම්, බඳවා ගැනීම් සහ මතවාදය පැතිරවීම ආදිය සිදුකොට තිබෙනවා.

මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් යන අය පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සකස් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙනවා.

ඊට අමතරව අහමෙඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තෙවන සැකකරු පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීම සහ ඔහු සතු ගිනි අවිය පැහැර ගැනීම, බුද්ධි තොරතුරු ලබදෙන පුද්ගලයෙකුට වෙඩි තැබීම සහ වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථාන සොයා බැලීම යන චෝදනා එල්ලවී තිබේ.

ඊට අමතරව මෙම සැකකරුවන් තිදෙනාම විදේශ ත්‍රස්ත කණ්ඩායමකට සහය දැක්වීම, අමුද්‍රව්‍ය සැපයීම යන චෝදනා එල්ල කොට තිබෙන අතර නව්ෆර් සහ මිල්හාන් යන සැකකරුවන් අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව වෙන වෙනම චෝදනා නගා තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI නිලධාරින් විසින් ශ්‍රී ලංකා බලධාරින් ගේ සහය ඇතිව සිදුකළ විමර්ෂණ අනුව මෙම චෝදනා නැගීම සිදුකොට ඇත.

මෙම ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණ බෝම්බකරුවන් 08 දෙනාටද කරුණු 09 ක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට තිබේ.

මධ්‍යම කැලිෆෝනියා හි නීතිඥ නීක් හැනා ප්‍රකාශ කලේ ලෝකයේ ඕනෑම ස්ථානයකදී අමෙරිකානු ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඊට එරෙහිව යුක්තිය ඉටුකරන බවට සහතික කිරිම තම රටේ ප්‍රධාන අරමුණ බවයි.

අමෙරිකාව තුල හෝ ඉන් පිටත රටකදී හෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එමගින් ප්‍රහාරයෙන් විපතට පත්වූ සිය ගණනක් වූ පවුල්වල ඥාතින්ට එය අස්වැසිල්ලක් වනබවයි සිද්ධිය ගැන විමර්ෂණය කරනු ලබන FBI ලොස් ඇන්ජලිස් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රිස්ටි කේ. ජොන්සන් සඳහන් කර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.