Jan
09
යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවය.
යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදාකිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබූ බව වාර්තාවේ.
යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් මෙම ස්මාරකය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඉදිකර තිබුණි.