Jan
26
අමතක වුණ සුව විරුවන්ට පෙරමුණ දෙන - අපේ තේ සත්කාරය
කොවිඩ් වසංගතයෙන් මහජනයා බේරා ගැනීමට තවමත් සටනක යෙදී සිටින, එහෙත් කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසු අමතක වුණු, අත් හැරුණු වෛද්‍ය වෘත්තිකයන්, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්, පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු සුව විරුවන්ගේ වෙහෙස නිවන්නට සිදුකරන “අපෙන් තේ එකක්” සත්කාරයට දැන් ඔබටත් දායක විය හැකියි.
ඔවුන් සමාජයේ ආරක්ෂකයින් ලෙස සලකා ඔවුන් වෙනුවෙන් ගීත පවා නිර්මාණය වූ අතර පළමු වසංගත රුල්ලෙන් අනතුරැව සුව සේවා වෘත්තිකයන් උදෙසා නිල වශයෙන් විවේක කාල සීමාවක් පවා ප්‍රකාශයට පත් කරන ලදී.
සමාජයේ එපමණ වටිනාකමක්, ඇගයීමක් ලැබුණු සුව විරැවන් දැන් සිටින්නේ කොතැනද?
ඔවුන් මේ කැප කිරීම් කළේ ද, කරන්නේ ද අප උදෙසා ය. ඒ කැපවීමට අප කළගුණ සැලකිය යුතු නොවේද? ඔවුන් ඉටුකළ රාජකාරිය උදෙසා මනුසත්බව පෙරදැරිව අප යුතුකම් ඉටුකළ යුතු නොවේද? කොවිඩ් තත්ත්වය මේ වෙන විට සාමාන්‍ය වී ඇතත්, අපට සුව විරුවන් අමතක නොවිය යුතුයි.
ඔබත් මේ මහඟු “අපෙන් තේ එකක්” සත්කාරයට දායක වන්න.
ඒ සඳහා ඔබට කරන්නට තිබෙන්නේ අපේ තේ පෝස්ටුවලට ලයික් කිරීම, කමෙන්ට් කිරීම හා ෂෙයා කිරීමයි. ඔබ දන්නා කියන සුව විරුවන් ටැග් කිරීමෙන් ඔවුන් වෙත ඔබේ ආදරය හා ගෞරවය ප්‍රකාශ කිරීමට, ඔබේ ආදරණීයයන් මෙන්ෂන් කිරීමට හා සුව විරුවන් ගැන ඔබේ අදහස රටත් සමඟ බෙදා හදා ගන්නට “අපෙන් තේ එකක්” සත්කාරය සමඟ එකතු වෙන්න.
ඔබේ ලයික් එකකින්, කමෙන්ට් එකකින්, රටපුරා විසිරී සිටින සුව විරුවන් දිරිමත් කළ හැකියි.
සුව විරුවන්ට ප්රතිසත්කාර කරන්නට - මේ ඔබේ වාරයයි.සුව විරුවන්ට ප්රතිසත්කාර කරන්නට - මේ ඔබේ වාරයයි.💪🇱🇰 #ApeKamataApeThe #ApenTheEkak #ApeThe #Tealovers #Affection #Inspiration #Tea #Sharing #ApeThe2021 #StaySafe
Posted by Gossip-Lanka News on Monday, January 25, 2021