Dec 15

ගුවන් අනතුරෙන් මියගිය 23 හැවිරිදි කැඩෙට් නිලධාරියාගේ කතාව


කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී අද පස්වරුවේ අනතුරට ලක්වූ ගුවන් යානයේ සිරවී සිටි පුහුණු වන නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ නියමුවා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.

ත්‍රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් මෙම ගුවන් යානය අද පස්වරුවේ ගුවන් ගත වී තිබුණේ පුහුණු ගුවන් සැසියක් සඳහායි.

පුහුණුවන කැඩෙට් නිලධාරි ශාලින්ද අමරකෝන් විසින් එම ගුවන් යානය පදවා තිබෙනවා. අදාළ යානය ගුවන් ගත වී කන්තලේ සූරියපුර ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදී ගුවන් යානය සහ පාලක මැදිරි අතර සියලු සබඳතා බිඳ වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ.

ඒ වනවිට ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු 15 ක් පමණ ගත වී තිබෙනවා.

පසුව ගුවන් යානය කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදි මෙලෙස අනතුරට ලක්වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක් වන මෙය කඩා වැටෙන අවස්ථාවේදී එහි රැදී සිටියේ පුහුණුවෙමින් සිටි අදාළ නියමුවා පමණයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුහුණුවන කැඩෙට් නිලධාරියා රුවන්වැල්ල - මාපිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

චීනයේ නිෂ්පාදිත පී.ටී.සික්ස් වර්ගයේ මෙම ගුවන් යානය ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීම සඳහා භාවිත කිරීමට හඳුන්වා දී ඇත්තේ 2001 වසරේදීයි.

මේ අතර, මෙම අනතුර සැලවී එම ස්ථානයට පැමිණි ගුවන් හමුදා ගිනි නිවන රථයක් ද අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.