Dec
15
මංගල උත්සවයට ගිය 15 කට කොරෝනා - 100 දෙනෙකු නිරෝධායනයට
රක්වාන මංගල්‍යය උත්සවයක මනාලයා සහ මනාලිය ද ඇතුළුව මංගල්‍යය උත්සවයට සහභාගි වු 15 දෙනෙකුට මේ වන විට කොරොනා වෛරසය ආසාදනය වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර අද සඳහන් කර සිටියා.
රක්වාන ප්‍රදේශයේ තරුණියක් සමග රත්නපුර, මල්වල ප්‍රදේශයේ තරුණයෙකුගේ විවාහ ගිවිස ගැනිමේ උත්සවයෙන් පසු ප්‍රථමයෙන් මනාලයාට කොරොනා ආසාදිත වු බවට පසුගිය සතියේදී තහවුරු වූ අතර ඉන් පසු මනාලයාගේ සහ මනාලියගේ පාර්ශවයේ සිය දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබුවා.
අද දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම කැදවිමෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ගේ සම සභාපතිත්වයෙන් පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්ව්මේදි දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍යවරයා පැවසුවේ රක්වාන මංගල්‍යය උත්සවය නිසා පුද්ගලයින් සිය දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් පි සි ආර් පරික්ෂණ සිදු කරන බවයි.
විවාහ මංගල්‍යයට පැමිණි රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු සහ රක්වාන ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකුට මේ වන විට කොරොනා ආසාදනය වි ඇති බවට ද එහි ඔහු ප්‍රකාශ කර සිටියා.
රක්වාන, උක්වත්ත ප්‍රදේශයට සංචරණ සිමාවන් පනවා ඇති අතර රත්නපුර ප්‍රදේශයේ වෙළෙද සැල් 32 ක්ද වසා දමා ඇත.
මංගල්‍යය උත්සවයට පැමිණි රක්වාන අස්ලාම් විදුහලේ සිසුවෙකු ද කොරොනා ආසාදිතයින් අතර සිටි. එම පාසල වසා දමා නැතත් සිසුන් අද දිනයේ ද පාසැල් නොපැමිණි බව විදුහල්පති ඒ. එම්. නසාර් ප්‍රකාශ කර සිටියේ.