Dec
10
ලොව පුරා කොරෝනා පැතිරෙද්දී තවත් අභිරහස් රෝගයක් මතුවෙයි
ලොව පුරා කොරෝනා වසංගතය පැතිරෙමින් තිබියදී ඉන්දියාවෙන් අභිරහස් රෝගයක් වාර්තා වී තිබේ.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මෙම ‘අභිරහස් රෝගය’ වාර්තා වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම එම ප්‍රදේශය වෙත යැවීමට දිල්ලි මධ්‍යම ආණ්ඩු බලධාරීන් පියවර ගෙන තිබේ.
හදිසියේම ඇතිව තිබෙන රෝග තත්ත්වයට ගොදුරුවීමෙන් සිය ගණනක් පිරිස රෝහල්ගත කර ඇති අතර එක් පුද්ගලයකු මිය ගොස් තිබේ. මෙම රෝගීන්ට වමනය, ක්ලාන්තය, ඇඟ වෙව්ලීම ඇතුළු පුළුල් පරාසයක රෝගී ලක්ෂණ මතු වී ඇති බව වෛද්‍යවරු පවසති.
මෙම රෝගීන්ගේ රුධිරයේ ඊයම් සහ නිකල් ඉහළ ප්‍රමාණයක් පවතින බව මූලික රුධිර පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත. කෙසේ නමුත් මෙම රෝගීන් කොරෝනා රෝගීන් නොවන බව පරීක්ෂණවලින් හෙළිව තිබේ.
චතුර පමුණුව