Dec 25

ස්ත්‍රී ලෝලී තායි රජුගේ අනියම් බිරිඳගේ ඡායාරූප ලීක් වෙලා (Photos)


ලෝකයේම අවධානය නතුකරගත් දැඩි ස්ත්‍රී ලෝලියෙකු ලෙස සැලකෙන තායි රජුගේ, අනියම් බිරිඳගේ සතුරන් කිහිප දෙනෙකු අතට ඇගේ අතිශය රහසිගත ලිංගික ක්‍රියාකාරකම් දැක්වෙන ඡායාරූප පෙළක් ලැබී ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සීනෙතන් නම් මෙම කුමරියගේ ඡායාරූප 2012 වසරේ සිට 2014 වසර කාලය තුළ ඡායාරූප ගත කර ඇති අතර ඒවායින් බොහෝමයක් නිරුවත් ඒවා බව සඳහන්. මෙම ඡායාරූප ප්‍රමාණය 1400 ඉක්මවා යන බවද ඩේලිමේල් සඳහන් කළා.

මීට ඉහත ඇයව ඇගේ තනතුරින් නෙරපා හැර තිබුනු අතර රජුගේ නිල බිරිඳට "වළ කැපීම" උත්සහා කළ බවට ඇයට චෝදනා එල්ල වුනා.

තායි රාජාණ්ඩුව ගැන විවේචනාත්මක ලිපි ලියා ඇති බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීයෙකු වන MacGregor Marshall, වෙත මෙම ඡායාරූප යවා ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.

"බොහෝ පින්තූර ඇය විසින්ම ගත් ඡායාරූප වන අතර ඒවා දුසිම් ගණනක් තිබෙනවා.." එම මාධ්‍යවේදියා සිය මුහුණු පොතේ එසේ සඳහන් කර තිබුණා.

පසුගිය ජූලි මාසයේදී රජුගේ 67 වන උපන්දිනය සැමරුම දා සීනතාන් නම් ඇයට රාජකීය භාර්යාව යන නාමය පිරිනමනු ලැබුවා.

35 හැවිරිදි ඇය මීට පෙර තායි එයාර්වේස් හි ගුවන් සේවිකාවක් වූ අතර හෙදියක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

68 හැවිරිදි රජුට පෙර විවාහ තුනකින් දරුවන් හත් දෙනෙකු සිටින බවද සඳහන්.

කෙසේ වෙතත් ජපානයේ වෙසෙන ප්‍රකට රාජකීය විචාරකයෙකු වන පවින්, "පෝස්ට්" ඔන්ලයින් පුවත්පතට පවසා ඇත්තේ සිරගෙදර සිටියදී සීනෙතන් කුමරියගේ දුරකථනයෙන් ඒවා අනවසරයෙන් සොරකම් කර ඇති බවටයි.

අනතුරුව එම ඡායාරූප "එස්ඩී" කාඩ්පතකට බාහා තමා වෙතට ඒවා ඇති බවද පවින් පවසා තිබුණා. (එය එවා ඇත්තේ ප්‍රංශයේ තැපැල් සළකුණ සහිතව බවද ඔහු කියනවා.)

කෙසේ වෙතත් "රාජණ්ඩුවේ අනිත් පැත්ත පෙන්වන" මේ ඡායාරූප බොහෝමයක් අතරින් කිහිපයක් හදිසියේම මුදා හැර තිබෙනවා.

පවින් පවසා ඇත්තේ බොහෝ ඡායාරූප ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් පවින් පවසන්නේ මේ කාන්දුව සිදු කරන්නට ඇත්තේ රැජිණගේ පිරිවර විසින්ම බවත්, ඒ සඳහා ඇයත්, නිල රැජිණත් අතර සිදු වූ ගැටුම ද හේතු වන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකු වන MacGregor Marshall තමාට ලැබුණු එම ඡායාරූප ගැන සඳහන් කරමින් කියා සිටියේ, ඡායාරූප 1443න් කිසිවක් තමන් විසින් ප්‍රකාශයට පත් නොකරන බවයි.

තමා වෙත එවන ලද ලිපියේ ව්‍යාජ ආපසු යැවීමේ ලිපිනයක් ඇති බවත්, එය සැබැවින්ම ජර්මනියේ බුද්ධි අංශයකට අයත් බවත් රජතුමා වැඩි කාල වේලාවක් එහි කල් ගත කරන බවත් ඔහු විසින් සඳහන් කර තිබුණා.

Dailymail ඇසුරිනි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.