Dec
02
බුරවි සුළි කුණාටුව රටට ඇතුළු වන වේලාව මෙන්න
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවී" සුළි කුණාටුව අද පෙරවරු 5.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ශ්‍රී ලංකාවට ආසන්නයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මෙලෙස දිවයින හරහා සුළි සුළඟක් ගමන් කරනුයේ වසර 20 කට පසුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මිට පෙර 2000 වර්ෂයේදී මෙරටට සුළි කුණාටුවක බලපෑමක් ඇතිවූ අතර ඉන් පසුව සුළි කුණාටු දිවයින ආසන්නයේ ඇතිවුවත් එම තත්ත්වයන් සෘජුව මෙරටට බලපෑම් එල්ල නොකරන ලදී.
“බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 - 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින බවය.
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වේ. ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පූනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.
මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුල්වන කාලයේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් ඇති අතර අවධානම් සහිත වෙරළ කළාපය ආසන්නයේ සිටින තාවකාලික පදිංචිකරුවන් හට ආරක්‍ෂිත ස්ථාන වලට යන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
සුළි කුණාටුව සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 80-90 පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 100 දක්වා වැඩිවේ.
මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කොට මන්නාරම බොක්ක පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
සුළි කුණාටුව සමග ගස් සහ විදුලි රැහැන් කඩා වැටීය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන් වලදී රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැලකි සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.