Dec 08

සමුගැනීමේ සාදයක් පැවැත්වූ දොස්තරට කොරෝනා


ගම්පොළ ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකු වීමත් ඔහුගේ ස්ථාන මාරුව වෙනුවෙන් සංග‍්‍රහයක් පැවැත්වීම නිසා එම රෝහලේ බාහිර හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු දෙකක් වසා දමා එම වෛද්‍යවරයා ඇසුරු කළ පිරිස් සොයා සෞඛ්‍ය අංශ මගින් ඊයේ (7 දා) පරීක්‍ෂණයක් අරඹා තිබේ.

රෝහල් අධ්‍යක්‍ෂ චමිල් විජේකෝන් මහතා පවසන්නේ ආරක්‍ෂිත පියවර රැසක් මේ වනවිට රැගෙන ඇති බවත් ඒ යටතේ රෝහලේ සිටි ගැබිනි මවුවරුන් වහාම පේරාදෙණිය රෝහලට හා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවත්ය.

ආසාදනයට ලක්වූ වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පුහුණුව ලබා පිටව යෑමට සූදානමින් සිට ඇත.

මෙම වෛද්‍යවරයාගේ බිරිඳ ද වෛද්‍යවරියකවන අතර කරාපිටිය රෝහලේ සේවය කරන ඇය කොරෝනා ආසාදනයට ලක්ව සිටින බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ හේතුව නිසා මෙම වෛද්‍යවරයා පී. සී. ආර්. පරීක්‍ෂණයට ලක්කර සිටියදී ඔහුට ලැබී ඇති ස්ථාන මාරුව සමග රෝහලේ හෙද කාර්යමණ්ඩලය හා කනිෂ්ඨ කාර්යමණ්ඩලය සඳහා වෙනම සාදයකුත්, වෛද්‍යවරු සඳහා ගම්පොළ පෞද්ගලික රෝහල් ශාලාවක රාත‍්‍රි සාදයකුත් පවත්වා ඇත.

මේ වනවිට හෙද කාර්යමණ්ඩලයේ සහ වෛද්‍යවරුන් කිහිපදෙනකු නිරෝධායනයට ලක්කර ඇති අතර සියලූ ආශ‍්‍රිතයන් සොයා පරීක්‍ෂණ අරඹා ඇති බව රෝහල් අධ්‍යක්‍ෂවරයා හා ගම්පොළ නගර සභා සෞඛ්‍ය අංශය පවසීය. පෙරේදා (6 දා) රාත‍්‍රියේ මෙම වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයකු බවට වාර්තා වීමත් සමග ඊයේ උදෑසනම හදිසි ප‍්‍රතිකාර බාහිර රෝගි අංශය සහ 6 සහ 9වාට්ටු වසා දමා තිබේ.

- සුරංග දිල්හාන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.