Dec 25

කරාපිටිය රෝහල කැළඹූ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි


ආන්දෝලනයට තුඩු දුන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඊයේ (24 වැනිදා) පෙරවරුවේ දඩල්ල ආදාහනාගාරයේදී සිදු කළේය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට මෙකී මළ සිරුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගිලන් රථයකින් දඩල්ල ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මෘත දේහය මියගිය අයගේ ඥාතීන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලදී.

මෙසේ මියගොස් ඇත්තේ ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි (84) නමැති දේද්දුගොඩ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වී නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී ඉකුත් 19 වැනි දින මියගියේය.

මොහු මිය යාමෙන් පසු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බවට තහවුරු විය. ඒ අනුව නිරෝධායන නීතිය යටතේ රජයේ නියමයන්ට අනුකූලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ අවසන් කටයුතු කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ නියෝග කළේය.

භූමදානය කිරීම සඳහා අවසර ලබාදෙනවා නම් එම මෘත දේහය භාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනය කිරීමට නියෝග කරන්නේ නම් දේහය බාර නොගන්නා බවත් මියගිය අයගේ පුතකු හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී පවසා සිටියේය. ඒ අනුව ගාල්ල පොලිසිය මේ පිළිබඳ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කරනු ලැබීය. ඉන් අනතුරුව ලැබුණු අධිකරණ නියෝග මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් යටතේ මෘත දේහය ආදාහනය කිරීමට කටයුතු කරන ලදී.

එච්.එම්. සමන් – අක්මීමන, ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.