Dec
25
නත්තලට සුබ පතමින් නෙහාරා පිරිස්, පවුලට එකතු වූ දූ සිගිත්තිය එක්ක ගත් ඡායාරූප
ජනප්‍රිය නිලි නෙහාරා හා ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ පවුලට එකතු වූ අලුත් අමුත්තිය එක්ක නත්තල් සමරන්න සුදානමින් ඉන්නවා. නෙහාරා පිරිස් සියලු දෙනාට සුබ පතමින් මුහුණු පොතට එකතු කළ සුබ පැතුම පහතින්.
නත්තල.. උපතින් කතෝලිකයෙක් වීමත් සමඟ මතක ඇති කාලෙක ඉඳන් නත්තල් පාටි අපේ ගෙදර, නෑදෑ, හිත මිතුරැ ගෙවල්වල පැවැත්වූවා වගේම ඒවාට කැමැත්තෙන් සහභාගිත් වුනා.
ශ්‍රී ලාංකික අපට මෙදා සිංහල දමිළ අවුරැද්ද, ඒ වගේම බෞද්ධ සහෝදර සහෝදරියන්ගේ මහා මංගල්‍යය වන වෙසක් උත්සවය(වසර දෙකක්), පොසොන් උත්සවය, දමිළ සහෝදර සහෝදරියන්ගෙ ආලෝක උත්සවය වන දීපවාලී උත්සවය, තවද මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙ රාමසාන්, හජ්ජි වැනි උත්සවද මෙවර සැමරැවේ ආගමික පිළිවෙත් වලට පමණක් මුල් තැන දෙමින්. ඉතින් කතෝලික-ක්‍රිස්තියානි අපිත් මෙවර නත්තල ආගමික පිළිවෙත් වලට පමණක් මුල් තැන දෙමින් සමරන්න මතක තියා ගමු..එක රටක් එකම ශ්‍රී ලාංකික ජාතියක් කියල ස්ටේටස් දාලා, ස්ටිකර් ගහල, ස්ටෝරි පෝස්ට් දානවට වැඩිය ක්‍රියාවෙන් ඉටු කර පෙන්නමු.
ඔබ සැමට තෙරැවන් සරණයි, ජේසු පිහිටයි, දෙවි පිහිටයි, අල්ලා දෙවි පිහිටයි.