Dec
27
මම කවදාවත් සින්දු ලියලා සල්ලි අරන් නැහැ. ගීත 4000ක් ලියු රචකයෙක්
කරුණාරත්න අබේසේකර ගේ හඳ මාමා ළමා පිටියෙන් කලා ලෝකයට පිවිසි හේමශ‍්‍රී ද අල්විස් ගේ පළමු මෙන්ම අවසන් ක්ෂේම භූමිය වන්නේද ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවය. කරුණාරත්න අබේසේකරගේ ගීත රචනාවලට වසඟ වූ හෙතෙම ඔහු අනුව යමින් ගීත ලිව්වේය. මුල් යුගයේදී ඔහු වැඩි හරියක් ගීත ලිව්වේ හින්දි තනුවලටය. හේමශ‍්‍රී මේ වනවිට ගීත හාරදහසකට වඩා ලියා තිබේ. 2018 දී සිදු වූ ස්වකීය බිරිඳගේ අභාවයෙන් පසු අද ඔහු සිය ජීවිතයේ සැන්දෑ කාලය දුක්බර ලෙසත් ශෝකී ලෙසත් ගත කරයි. ඔහු දෙස හැරී බැලීම අපගේ යුතුකමකි.
* ඔබ ළමා ගීත ගණනාවක් රචනා කළා?
මං අවුරුදු පහළොවේ විතර ඉඳලා ළමා වැඩසටහන්වලට සහභාගී වුණා. ළමා ගීත ගොඩක් ලියලා තියෙනවා. මට ළඟදී ඇහුණා රූපා ඉන්දුමතී ගයනවා සඳ රන් වන් රන් ගිර මුදුනින් පායා ගීතය. මට හරි සතුටක් දැනණා ඒ ගීතය ඇහුණාම. ඒක ළමා ගීතයක්. එතකොට ”නිකමට හෝ බොරු කීමට හොඳ නෑ වගේ ළමා ගීත නං ගොඩක් තියෙනවා ලියපු. මතකෙට එන්නේ නෑ මගේ. මම එකතු කරලා නෑ ඒ ගීත. ගුවන්විදුලියේ තැටිවල තියෙනවා ළමා ගීතවල.
* ඔබ ලියූ පළමු ගීතය මතකද?
මුලින්ම මගේ පටිගත කළ ගීතය වුණේ එඞ්වඞ් පෙරේරා ගයපු ”මලිති බටිති ?න්’’ කියලා ගීතයක්. ඒ ගීතයෙන් පස්සේ දිගමට ම ගීත ලිව්වා.
* ඔබට හොඳට ගයන්න පුළුවන්. ඇයි ගායකයෙක් නොවුණේ?
පාසල් කාලයේ ලොකු අරමුණු හිතේ තිබුණේ නැහැ. හැබැයි ළමා පිටියට යන්න ආසාවක් තිබුණා ළමා සිංදු කියන්න. ඒ ආසාවට ගියාම කරුණාරත්න අබේසේකර මට කිව්වා මල්ලි ගායකයෝ අද එනවා හෙට යනවා කට හඬ නැති වෙච්ච දවසට ගායක කමත් ඉවරයි, ඒ නිසා තමුසේ සිංදු කියන එක නෙවෙයි කරන්න ඕන ලියන්න ඉගෙන ගන්නවා දන්නේ නැති දේවල් මං කියලා දෙන්නං කියලා ඔහු කිව්වා. කරුණාරත්න අබේසේකර තමයි මගේ ගුරා. ඔහුගේ අභාසය මං ලබා ගත්තා. තමුසේ පොත් පත් කියවනවා, භාෂාව ඉගෙන ගන්නවා, සාහිත්‍ය ඉගෙන ගන්නවා, හරියට වචන හසුරුවනවා කියලා නිතරම මට කියනවා. ටොකු ඇන ඇන ඉගැන්නුවා. ඔහුගෙන් තමයි මං ඉගෙන ගත්තේ ගීත ලියන්න. කරු අයියා තමා මාව මේ තත්ත්වෙට ගෙනාවේ. අදත් මං ඔහුට පිං දෙනවා.
*”මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළ වේ’’ එකල ඔබේ ජනප‍්‍රිය ගීතයක්?
ඉස්සර ගුවන්විදුලියේ ගීත අනුමත කරන මණ්ඩලයක් තිබුණණේ. ඒකෙ හිටියේ ඩෝල්ටන් අල්විස් වගේ මහා දැවැන්තයෝ. ගීත අනුමත නොවණම එයාලා කියනවා අර ඉන්නේ හේමශ‍්‍රී, ගිහිං කියලා ලියවාගෙන එන්න කියනවා. දවසක් ටියුඩර් ජයශාන්ත කියන ගායකයා මට ඇවිත් කිව්වා අනේ හේමෝ මේ සිංදුව අනුමත කරලා නෑ. මට මේ සිංදුව ලියලා දෙන්න කියලා. මගේ ගාවට ගීත ලියව ගන්න ආවම මං කවදාවත් සල්ලි ගත්තේ නෑ, ලියලා දුන්නා ගීත. ඉතිං එදා ඔහුට ඒ ලියූ ගීතය තමයි මගේ දෑසේ කඳුළු.
* ඇයි මෙවැනි ගීතයක් ලිව්වේ?
මං ආදරය කරපු ගෑනු ළමයෙක් හිටියා. මගේ නැන්දගේ දුව. මං ඉගෙනගෙන ඉවරත් නෑ එතකොට. දවසක් දා ඒ ගෙදරින් දොස් කිව්වා ඇයට මේ රස්සාවක් නැති එකෙක් එක්කද උඹ යන්න හිතං ඉන්නේ කියලා. ඒ කතාවට මට ටිකක් හිතට අමාරුයි. මටත් දවසක් එයිනේ කියලා හිතාගෙන හිටියා. පහුකාලයේ මං ගුවන්විදුලියේ රස්සාවට ගියා. ඒ ළමයා ලියුම් එවනවා කතා කරනවා. ඉතිං මට ඇති වැඩක් නෑනේ. මං බැලූවා මොකද මේ රස්සාවක් නැති මිනිහෙක් එක්ක හිඟා කන්න එයිද තරුණියක් කියලා. ඉතිං අර ටියුඩර් ජයශාන්ත ගීතයක් ලියලා ඉල්ලූව වෙලාවේ මට සිහියට ආවේ ඔය සිද්ධිය. ඒකයි මං ලිව්වේ ”මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළ වේ, ඔහු නැඟ ඇත මට හිමි නැති මඟුල් පෝරුවේ, මට දුන් දුක් වේදනා ඇගේ දෑසින් තේරුණා, මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා’ කියලා. ඉතිං ඒ ගීතය හොඳට ප‍්‍රසිද්ධ වුණා මට මතකයි.
* ලතා වල්පොල ගයන ”ශ‍්‍රීනී විභූෂිත ලංකා’ ගීතය ලිව්වේ?
මං ගුවන්විදුලියට ගියේ ජනාධිපති පේ‍්‍රමදාස මහත්තයා හින්දා. එයාගේ වැඩ කර කර ඉන්නකොට මට කිව්ව ”තමුසේ වැඩ දන්නා මිනිහෙක් යනවා ගුවන්විදුලියට කියලා මාව ගුවන්විදුලියට යැව්වා. ගිහිල්ලා වැඩ කර කර ඉද්දී දවසක් පියන් ඇවිල්ලා කිව්වා ”සර් කව්දෝ පේ‍්‍රමදාසයි කියලා එක්කෙනෙක් කතා කරනව කියලා. මං ඇහුවා කවුද බං පේ‍්‍රමදාස, මං නං අඳුරන්නේ නෑ කියලා, දුරකතනයෙන් කතා කරපු නිසා මං අපි කතා කරන විදිහට ආයුබෝවන් ශ‍්‍රී ලංකා ගුවන් සංස්ථාව කිව්වා. දුරකතනයේ එහා කෙළවරින් ”මේ මං ආර්. පේ‍්‍රමදාස කතා කරන්නේ කිව්වා’’. මට දෙලෝ රත්වුණා අර යකා මොනවා කිව්වද දන්නේ නෑ කියලා මතක් වෙලා. පස්සේ මං ඇහුවා ඇයි සර්? එතුමා කිව්වා ”මේ අන්න, වහනයක් එනවා ඉක්මණට එන්න කිව්වා. පස්සේ මං ගියා සුචරිතයට. ගියාම ඉඳගන්න කියලා කතා කරලා දොඩම් වීදුරුවකුත් දීලා ඇහුවා මගෙන් ”දන්නවද හෙට තියෙන්නේ මොකද්ද කියලා. මං කිව්වා ඔව් සර්, මට පේන්නේ එකම දෙයක්. හෙට තමුන්නාන්සේ ජනාධිපති වෙනවා... ”ආන්න ඒක තමයි එන්න කිව්වේ කිව්වා.
මට සිංදුවක් ලියන්න පුළුවන්ද කියලා ඇහුවා. මං කිව්වා ලියන්න බැරිකමක් නෑ සර් මට විනාඩි පහක් දෙන්න මං ලියන්නං කියලා. නෑ... නෑ... නෑ... ඔයා යන්න වැඩපළට. ගිහිල්ලා සිංදුව ලියන්න. ඔය සිංදුව කියන්න ලතා වල්පොල එයි කියලා කිව්වා. එදා ඒ වෙනුවෙන් එතුමා වෙනුවෙන් ලියපු ගීතය ”ශ‍්‍රීනි විභූෂිත ලංකා බැබළේ සිංහ ධජය සෙවනේ’’. ගීතයට පේ‍්‍රමදාස මහත්තයා ගේ නම ඇතුළත් කරලා තියෙනවා නොතේරෙන්න. පී එල් ඒ සෝමපලයි, පැටි‍්‍රක් දෙනිපිටියයි සංගීතඥයන් ඒ සිංදුව ලියන්න ගියාම ඔයා මාත‍්‍රා ගාණට ලියනවද අපි තාලේ දාලා දෙන්නද කියලා ඇහුවා. මං කිව්වා ඕන දෙයක් මට ඔට්ටුයි කියලා. ඊට පස්සේ පී එල් ඒ සෝමපාල කිව්වා මේ මාත‍්‍රා ගාණට ලියන්න එහෙම නං කියලා. මං කිව්වා මාත‍්‍රා ගාණ කියන්න මාස්ටර් මං ලියන්නං කියලා. ඊට පස්සේ ඔහු කිව්වා පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරි බර සිරි ලංකා. ඒ තාලේ තමයි මං ඔය කොපි කරලා ලියලා දුන්නේ ඔවුන්ට.
* ඔබේ ආදරණීය බිරිඳ එකල ජනප‍්‍රිය ප‍්‍රසිද්ධ ගායිකාවක්?
අයිරින් ගෙනිච්ච සිංදුවකුත් දවසක් අර ගීත අනුමත මණ්ඩලයෙන් ප‍්‍රතික්ෂේප වෙලා. ඩෝල්ටන් අල්විස් කිව්වලූ අයිරින් උඹ එහෙ මෙහෙ යන්න එපා බං. අන්න හේමශ‍්‍රී ඉන්නවා එහා පැත්තේ ගිහිල්ලා එයාට කියපං කියලා. ඊට පස්සේ අයිරින් ආවා මාව හොයා ගෙන. ටිකක් හඬත් බිඳිලා වගේ මට කිව්වා ගීතය අනුමත වුණේ නෑ පුළුවන් නම් මේක ලියලා දෙන්න කියලා. හින්දි තනුවක් කිව්වා. එයා මගේ මූණ බැලූවා මමත් එයාගේ මූණ බැලූවා. එවේලේ තමයි මං ලිව්වේ ”දෑස පා සිනා කියන රහස තේරුණා, පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමි’’ ගීතය. ඊට පස්සේ තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ ඔය ගීතයත් එක්ක. ඊළඟට මං ලිව්වා ”මගේ හද පේ‍්‍රම දායාදෙ’’ ගීතයත්.
* එච්.ආර්.ජෝතිපාලයන්ටත් ඔබ ගීත ගණනාවක් රචනා කළා?
අයිරින්ගේ ගෙවල් තිබුණේ දෙමටගොඩ එතකොට. ඒ කාලේ ජෝතිපාල හිටියේ ඒගොල්ලන් ගේ ගෙදරක කුලී පදනම මත. ජෝති දවසක් මට ඇවිල්ලා කිව්වා මට හරි ආසයි අයිරින් ගේ වොයිස් එකට, සිංදුවක් කියන්න ඕනයි කියලා. ඒ හින්දා තමයි මම ලිව්වේ ”ආදර හද මල පිපුනා’’ ගීතය. එතකොට ”කොහෙද යන්නේ රන් මැණිකේ ඔයා’’, ”මානෙල් මලයි කියන්නේ මඩ විලක ඇයි උපන්නේ’’, ”ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ’’, ”පෙර දිනක එදා’’ වගේ ගීත ගොඩක් ලිව්වා. හුඟක් ඒවා දැන් මතකයේ නැහැ.
* සුජාතා අත්තනායක දවසක් ඔබව හොයාගෙන ආවා නේද?
එතකොට මම හිටියේ මාලිගාවත්ත මහල් නිවසේ. මට ගෙයක් දීලා තිබුණා පේ‍්‍රමදාස මහත්තයා. පල්ලෙහා ගෙදර හිටියා එම්. හේමපාල පෙරේරා කියලා බටනලා වාදනය කරන එක්කෙනෙක්. එයාගෙන් ඇහුවලූ සිංදුවක් ලියාගන්න ආවේ, හේමපාල කොහෙද මේ හේමශ‍්‍රී ඉන්නේ කියලා. හේමපාල පල්ලෙහා ඉඳලා අත්පුඩි ගහලා කිව්වා හේමා අයියේ හේමා අයියේ මේ සුජාතා ඇවිල්ලා ඉන්නවා සිංදුවක් ලියාගන්න කියලා. අනේ හේමා මට කොහොම හරි අම්මා ගැන සිංදුවක් ලියලා දෙන්න කියලා ඇය කිව්වා. සුජාතාට ඒ ලියපු සිංදුව තමයි ”දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා, වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා’’.
* මොහිදීන් බෙග් ටත් ඔබ ගීත විශාල ප‍්‍රමාණයක් රචනා කළා?
මොහිදීන් බෙග් ට මං ලියලා තියෙනවා ඔය හද පතාලා, සුදු සඳ රැුස් ගලන ගංගාවේ පිහිනා, ඇයි බඹරෝ පෙම් මල අත හැරලා, ජීවනයේ මල් පිපුණා, මේ මධුර වසන්තේ, මා ඈත භවේදී මතකද හමුවූවා, ඔබෙයි මගෙයි දෑස මුණගැසීලා, වගේ සිංදු මං එයාට ලියලා තියෙනවා සියයකට වඩා. දෙමටගොඩ මං පදිංචිවෙලා ඉන්න කාලේ දවසක් බෙග් ඇවිල්ල කිව්ව මල්ලි මේ බලනවකො මේක ලියන්න බැහැයි කියනව කාටවත්. බලනවකො මල්ලි මේ වචන ඒ විදිහට ම එන්න ඕන. බලපුව ම හින්දි තනුවක්. මං එවේලේ ඒකට ලියලා දුන්නා හිම භිම පාලන සුරිඳේ ඔබේ බලශක්ති වේ ගීතය. බෙග් නැතිවෙන්න ඉස්සර ඇවිල්ලා මගෙන් එක සිංදුවක් ඉල්ලූවා. ඒ ඉල්ලීමට මං ලිව්ව ගීතය ”මගේ ගී පොහොසත්කම් ඔබට දෙමි, දිනකදී මේ පොළොවට පොහොර වෙමි, උණුසුම යනතුරු අවසන් හුස්මේ , බෙදමින් දාරක පේ‍්‍රමය මහිමේ’’ කියලා ගීතයක්. ලංකා මාතාවට ලියන්නේ මාව දරුවෙක් හැටියට පිළිගන්න මට පුරවැසිකම දෙන්න කියලා.
*ලතා වල්පොලට ලියූ අනිත් ගීත මතකද?
”ශ‍්‍රීනි ධාරිතා ස්වර්ණ භූමියයි, කමනීය විජය භූමියය’’, ”මාගේ මේ රට, මාගේ මේ රට’’ සිංදු ගණනාවක් ලිව්වා. මගේ මතකෙට එන්නේ නෑ ඒවා. ”රහසක් ඇත ඔබහට පවසන්නට සෙව්වෙමි සසර පුරා’’, ”පුංචි දුවේ ඔබ මාගේ, පුංචි කාලේ ඔබ එදා, මෑණියන්ගේ ගෙල බදා, ඉල්ලූවා ද හඬ හඬා සුපුන් සඳ කඩා’’ ගීතත් ලිව්වා.
* රුක්මනී දේවි වෙනුවෙන් ඔබ ගීතයක් රචනා කළා?
රුක්මනී දේවි අනතුරක් වෙලා නැති වුණානේ. එදා උදේ ඔය වෙච්ච සිද්ධිය, හවස අපි සිංදු හයක් පටිගත කෙරුව ගුවන්විදුලියේ. ධර්මදාස වල්පොලට සිංදුව ලියාගන්න කවුරුත් හිටියේ නෑ එවේලේ. හදිසියේ එන්න කියලා තිබුණේ. පස්සේ මට ඇවිල්ලා කිව්වා හේමශ‍්‍රී කොහොම හරි මේක ලියලා දෙන්න මල්ලි කියලා. ඒක තමයි රුක්මනී දේවි වෙනුවෙන් ඇය මියගිය දවසේ මං ලියූ ගීතය. ”සෝ කඳුළු ගඟක නෑවේ, සිත ඈත යාවි පාවී, මුළු ලොවම ඈ සොයාවී, කෝ ගීත කෝකිලාවි’’ කියලා. ඒකෙ අන්තිමට ලියලා තියෙනවා ”ඔබ යළිඳු පණ ලබයි නම්, ජීවන සුසුම පිඹින්නම්, රුක්මනී අවදි වේ නම්, එම සොහොනේ මා නිදන්නම්’’ කියලා. ධර්මදාස වල්පොලට ලියපු ගීත අතරේ එයාගේ දුව හම්බවෙච්ච වෙලාවේ ලිව්ව ගීතය මට මතකයි. ”පුංචි දුවේ ඔබ මාගේ, පායන පුන්සඳ වාගේ’’ කියලා. එයාට එක දුවනේ ඉන්නේ. ඉතිං දුව හම්බවෙච්ච වෙලාවේ දුවට ගීතයක් ලියලා ඉල්ලූවම මම ඔය ගීතය ලියලා දුන්නා.
* ඔබේ කුඩා කාලයේ මතකයන් ?
මම ඉස්සෙල්ලම ඉගෙනගත්තේ මහාබෝධි විද්‍යාලයේ. ඊටපස්සේ මං අපේ තාත්තට ගිහිං කිව්වා මේකේ ඉංග‍්‍රීසි උගන්නන්නේ නෑ තාත්තේ මොකද කරන්නේ කියලා. තාත්තා කිව්වා හිටපන්කෝ මගේ යාළුවෙක් ඉන්නවා මං උඹව ආනන්ද විද්‍යාලයට දාන්නං කියලා. පස්සේ ආනන්දෙට ගියා. ආනන්දෙ දි තමයි මං ඉගෙන ගත්තේ හුඟක් දේවල්. මට ඉන්නේ නංගිලා තුන්දෙනයි එක මල්ලියි. මං තමයි පවුලේ වැඩිමලා. අපේ තාත්තා එච්චර ලොකු රස්සාවක් නෙමෙයි කළේ. කළම්බෝ කමර්ෂල් කොම්පැනියේ වැඩකළේ. අම්මා රැුකියාවක් කළේ නෑ. අම්මා තමයි මාව උනන්දු කෙරුවේ ගුවන්විදුලියට යන්න. තාත්තා කියනවා කලා කාරයෝ හිඟන්නෝ උඹ මොනවටද ගුවන්විදුලියට යන්නේ. උඹට වෙන රස්සාවක් නැද්ද හොයා ගන්න ඉගෙන ගත්තා නං කියලා දොස් කිව්වා ඉතිං. ඕවා ගණන් ගත්තේ නෑ ඒ කාලේ. කොල්ලූපිටියේ ඉඳලා මරදානට යන්න එන්න සත හයයි. ගෙදරින් දෙන්නේ සත විසි පහයි ඉන්ටර්වල් එකට කන්න කියලා. එහෙමයි ඒ කාලේ. දැන් නං හුඟක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ මං. ගෙවල් කුලියක් නෑ මට. මොකද ප‍්‍රාදේශීය ලෙකම්තුමා ඉඩම දුන්නා, සිංහ සමාජයයි සජිත් පේ‍්‍රමදාස මහත්තයයි එක්කහුවෙලා මට ගේ හදලා දුන්නා. අද මට භය නැතුව කොට්ටෙ ට ඔළුව තියන් බිම හරි නිදියන්න පුළුවන්. ලයනල් මුල්ලේරියාව, සුසන්ත ප‍්‍රනාන්දු, ඉරේෂා පෙරේරා කියන උදවිය මට උදව් කළා.
* හොඳට මතක් කළොත් ඔබ ලියූ දේශයෙන් දේශේ බලා, නෙත් දෙක රන්තරු, පෑහී එක ලෙස ඉමූ වැනි ඔබ ලියූ තවත් ජනප‍්‍රිය ගීත ගැන අපට කතා කරන්නට පුළුවන් වේවි?
දවසක් රූපා තමයි ගීතයක් ලියන්න කිව්වේ වෙනස් විදිහේ. ඒ දවස්වල ඔය රූපගේ සැමියා රට යන මොකක්හරි කතාවක් තිබුණා. හැබැයි ඒකට රූපා එච්චර කැමැති නෑ. මට දැන් සිද්ධිය හරියට මතක නෑ. කොහොමින් හරි ඒ සිදුවීමට තමයි ඔය ගීතය ලියලා දුන්නේ රූපාට. වික්ටර්ගේ ”මයුරාසන මත වැඩ හිඳිනා’’ පළමුවැනි සිංදුව, ”යන විට සතර අතේ’’, ඇතුළු තවත් ගීත කිහිපයක්ම ලිව්වා. ශ‍්‍රීමති තිලකරත්නගේ පළමුවැනි බබා හම්බවෙච්ච වෙලාවේ මම ලිව්වේ ”රන් රසු දැල් සල සලා, අහස් ගෙඟ් පීනලා, මගේ පොඩි පුතු නළවන්නට සුර අඟනන් රොක්වෙලා’’ ගීතය. මිල්ටන් පෙරේරාට ලියූ මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ, වසන්තා සන්දනායකගේ වැඩිමල් දුව දයා හේමන්තාට ලියූ අඛිල අමිල නිමල් ගුණැති මහා මෙර සඳු මහඟු පිනැති සිරි සම්බුදු වීතරාගී සැසි බුදු පියේ ගීතය වගේ ගීත මට මතකයි. එතකොට ලතා දිසානායක ගායිකාවට මං ලිව්වා ගීතයක්. ඒ සිංදුවෙන් තමයි එයා වැඩිපුරම ප‍්‍රසිද්ධ වුණේ. ”සතුට සැනසුම් සුවේ බලා, සීත සුළඟක තුරුල් වෙලා, ඈත අහසේ පියාසලා යමුද කුරුල්ලනි ඉගිල්ලිලා’’ කියලා.
* බොහෝ අය කියනවා කරුණාරත්න අබේසේකරගෙන් පසු හින්දි ගීතවලට සාර්ථකවම සිංහල ගීත රචනා කළේ ඔබ කියලා?
මං දන්නේ නෑ ඒක කොච්චර දුරට ඇත්තද කියලා. මට බොහෝ අය එහෙම කියනවා. රෝමය ගිනිගෙන ඇවිළෙනවා නීරෝ වීනාව වයනවා කියලා, කුමාරියේ උදාරියේ ඔබේ නුවන් තලාවේ, පුංචි පුතණ්ඩියේ අම්මයි තාත්තයි ඇස් දෙක වාගේ මේ ලෝකේ, මැණිකේ ඔබේ සිනාවේ, සඳක් නැඟී සඳක් ගිලී, බද්‍රකාලි මහා සිංහ වාහනේ, ජීවනයේ මල් පිපුණා, නයනා වැනී සුදෝ, සැනසී නුවන් තලාවේ හිඳිමි දිවා රැුයේ කලතා ඔබයි ගෙනාවේ, සංසාරේ කොහේ සිට හෝ තැනකදී ඔබව දැක තියේ මුණගැසුණු තැන කියන්නට මට අමතකයි ප‍්‍රියේ වගේ ගීත මතකයි මට.
*”උගතුන් මැද උගතකු වෙන්නැයි, දිනු දැයට සෙත සලසන්නය’’ ගීතය අමතක වුණාද?
චිත‍්‍රා සෝමපාලට ලියලා දුන්නේ ඒ ගීතය. ඒක ලිව්වේ පේ‍්‍රමදාස මහත්තයා හින්දා ඡුන්ද කාලෙට හැම තැනම රැුස්වීම් තියෙනවනේ. එක එක පක්ෂවලින් කතා කරනවනේ. එක මීටිං එකකදී ආපු මිනිස්සු වගයක් පේ‍්‍රමදාස මහත්තයට දොස් කියනවා ඇහුණා. සෙනඟ අතර ඉන්නාකොට ඇහෙනවනේ. පැල් කොටෙන් ආපු එකෙක්, ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් කියලා. එක එක දොස් කිව්වා. මට දැන් හරි හිතට අමාරුයි. වැඩට ආවම චිත‍්‍රායි සෝමපාලයි දෙන්නත් හිටියා. පස්සේ මට පී.එල්.ඒ. ත් කිව්වා මට, බලනවකො හේමශ‍්‍රී මේ මනුස්සයට බනින බැනිල්ල, අතු පැලෙන් ආවා, ලැවරියා වික්කා කිය කියා හරියට දොස් කියනවා කියලා. මං කිව්වා ඉන්න සෝමපාල අපි ලියමු ඒකට කියලා, ඒ අදහස තමයි මං ඔය ලියලා තියෙන්නේ ඔය ගීතයේ.
*තව විශාල ගීත ප‍්‍රමාණයක් ඔබ රචනා කළා?
අමිතා වැදිසිංහ ගයන සුපිපෙන මලකින් රොන් ගෙන බී මත්වීලා, ෆ්‍රෙඩි සිල්වා ගයන ඔන්න බබෝ බිල්ලෝ එනවා... හායි හායි අඬන ළමයි අල්ලං යනවා, කිරි රැුල්ල වෙරළේ හැපී මේ මොකද හාදු දෙන්නේ,
සී වරදරාජා මලනිකවෙලා මල සේ පරවී ගියාවේ ඔබයි ආදරේ වේදනා මට ගෙනාවේ අනිත් එක ප‍්‍රිය සොඳුරේ යුග ජීවිතයේ ආදරේ මල් පිපේ සඳ පානේ, ආදරේ කරන්න දන්නේ නෑ ආදරේ කියන්න දන්නේ නෑ ගීතත් ලිව්වා. විජය කුමාරතුංග ගේ අන්තිම චිත‍්‍රපටයට ගීත මම ලිව්ව. ආර් මුත්තුසාමි සංගීතය කළේ. නමුත් ඒ චිත‍්‍රපටය ඔහුගේ වියෝගයෙන් පස්සේ ආවේ නෑ.
* ඇයි දැන් ගීත නොලියන්නේ?
දැන් ලියන්න කියන්න ගීත නං මං මැරුණත් ලියන්නේ නැහැ. තරුණ ළමයි ඇවිත් ලියලා දෙන්න කියන ගීතවලට මගේ කැමැත්තක් නැහැ. ලියනවා නං හොඳ දෙයක් ලියන්න එපායැ. ලියන්න බැරි කමක් නැහැ. හැබැයි ඒ මට ඔබින දෙයක්. දැන් මට අවුරුදු හැත්තෑ අටක්නේ. අනික මං කවදාවත් ගීත ලියලා සල්ලි අරං නෑ. කරු අයියා මට හුඟක් උදව් කෙරුවා. එයා හින්දා තමයි මං අද මේ තත්ත්වේ හරි ඉන්නේ. පේ‍්‍රමදාස මහත්තයත් හරියට උදව් කෙරුවා. මගේ නම දැනගෙන සජිත් මහත්තයට කියලා තියෙන්නේ එයාගේ අම්මා, තාත්තට උදව් කරපු මනුස්සයෙක් කියලා. ඒ හින්දා තමයි මට මේ ඉන්න තැන එයාලා හදලා දුන්නේ. අද මට තියෙන්නේ නැති බැරිකම විතරයි. අසනීපෙන් ඉන්න නිසා කාටහරි මට උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
හේමශ‍්‍රී ද අල්විස් -
කොමර්ෂල් බැංකුව-
පානදුර ශාඛාව - 84 100 47 948
දුරකථන අංකය - 0775 822 425
යුගන්ති යශෝධරා