Dec
29
හලාවත දැවැන්ත බෝධීන් වහන්සේ නමක් වෙනත් ස්ථානයකට වැඩමවයි
ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම කරවූ උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදුණු අද (29) දිනයේ දිනයේ සූරියවැව වැලිවැව පදිංචි තරුණයෙකු විසින් හලාවත,හස්නායකපුර විහාරස්ථානයේදී අසිරිමත් බෝධි රෝපණයක් සිසුකර තිබෙන පුවතක් වාර්තා වේ.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඇඹිළිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුසාසනා පරිදි මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරිම සිදුකර ඇත.
එම බෝධීන් වහන්සේ රෝපණය විශේෂ වන්නේ දැවැන්තව වැඩුනු බෝධීන් වහන්සේ පිහිටි පොළවෙන් ආරක්ෂිතව ගලවා ඉවත්කර රෝපණය රෝපණය කල ප්‍රථම අවස්ථාව මෙය වීමයි.
බෝධීන් වහන්සේගේ උස අඩි 110යි,කඳේ මහත අඩි 22යි. මූල පද්ධතියේ වප්ප්රමාණය අඩි 28ක් වන බව වාර්තා වනවා.
එසේම එම කාර්ය සිදුකිරීම සඳහා ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පියෙකු අවන ඈපා ජයවර්ධනගේ මහතාගේ අධීක්ෂණය මත සිදුකර තිබේ.