Nov
08
කොළඹ මහ නගර සභාවේ 85 දෙනකුට කොරෝනා හැදිලා...
කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන තවත් අංශ කීපයක සේවක සේවිකාවන් 85 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
කෙසේ නමුත් කොළඹ පදිංචි ජනතාවට කළ හැකි සේවාව උපරිමයෙන් ඉටු කරන බවද ඇය සඳහන් කළාය.
මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේ ද කියා සිටියාය.
දැන් අපේ සේවකයන් 85 දෙනකුට කොරෝනා වැළඳිලා තියෙනවා. ඒ අය අතර ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ භටයන් සහ අපද්‍රව්‍ය, මළ අපද්‍රව්‍ය රැුගෙන යන සේවකයන් ඉන්නවා. ඒ වගේම මේ අයට කොරෝනා වැළඳුනේ කුණු අදින්න ගිහින්. තවත් පිරිසකට කොරෝනා හැදුනේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ වෙළෙඳුන්ගේ පී. සී. ආර්. පරීක්‍ෂණ කරන්න ගිහින්. මෙච්චර කැපකිරීමක් කරපු මේ නිලධාරීන්ට මම ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරනවා.
‘‘එතකොට පසුගිය මාර්තු මාසයේ ඉඳලා මේ දක්වා කොළඹ නගර සභා බල සීමාවේ පී. සී. ආර්. පරීක්‍ෂණ 15,543 ක් සිදුකරලා තිබෙනවා. ඒ කරපු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් 2284 දෙනකු හඳුනාගෙන තිබෙනවා. දැන් නගර සභා බල සීමාවේ ඉන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන ගමන් අපේ සේවකයන් රැකගන්නත් කටයුතු කරනවා.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා