Nov
08
ටෙන්ඩරේ දෙන්නත් කලින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ආවේ කොහොම ද? ඇත්ත නැත්ත මෙන්න
පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සඳහා රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මේ වන විට අනාවරණය වී තිබේ.
PCR ක්‍රමයට වඩා අඩු කාලයක් සහ අඩු මුදලක් මගින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම භාවිත කරන රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය සඳහා මාස දෙකකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සමාගම් දෙකකට අවසර ලබා දී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා එය ලංකාවට ගෙන ඒම සඳහා අවසර දී තිබේ.
එම අනුමැතිය ලද වහාම පසුගිය අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ අදාළ සමාගම් දෙකේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන George Steuart සමාගම මෙම උපකරණ කට්ටල තොගයක් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ මේ රට පෞද්ගලික අංශයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා ය.
මෙහි දී George Steuart සමාගම අදාළ භාණ්ඩ තොගය ලංකාවට ගෙන ඒමට කිලෝග්‍රෑමයට ඩොලර් 1.5ක් වැඩිපුර ගෙවමින් කොරියානු ගුවන් සේවය වෙනුවට මේ වන විට පාඩු පිට දුවන අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් තෝරා ගැනීම ද විශේෂත්වයකි. ඔවුන් ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මේ වන විටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට මෙන්ම ආසිරි රෝහලට ලබා දී ඇත. ආසිරි රෝහල පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් මිලයට ගෙන තිබේ.
කෙසේ වුවද මෙම පෞද්ගලික සමාගමක් පෞද්ගලික අංශයේ භාවිතයට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය සහ ආණ්ඩුව ඒවා ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් තවමත් විශේෂඥ කණ්ඩායමක් මගින් පරික්ෂා කරන අතර ඉදිරියේ දී වඩාත් සුදුසු සමාගම හෝ සමාගම් වෙත අදාළ ටෙන්ඩරය ලබා දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.
කෙසේ වුවද මෙම පෞද්ගලික සමාගමක් පෞද්ගලික අංශයේ භාවිතයට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය සහ ආණ්ඩුව ඒවා ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් තවමත් විශේෂඥ කණ්ඩායමක් මගින් පරික්ෂා කරන අතර ඉදිරියේ දී වඩාත් සුදුසු සමාගම හෝ සමාගම් වෙත අදාළ ටෙන්ඩරය ලබා දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.
මේ සම්බන්ධව D.V. චානක අමාත්‍යවරයා කළ ප්‍රකාශය තොරතුරු නොදැන සිදුකළ එකක්. ඔහු එය නිවැරදි කර තිබෙනවා.
PCR ක්‍රමවේදය හා සමාන නිරවද්‍යතාවයක් යුතු මෙම අලුත් ක්‍රමයෙන් විනාඩි 15 ඇතුළත corona හඳුනාගැනීමටත්, රුපියල් 7000-20000 පමණ වැය වෙන PCR පරීක්ෂණය රුපියල් දහසක ආසන්න මුදලකට කරගැනීමට අවස්ථාව ලැබෙනවා
මෙම මිත්‍යාව සමාජගත කරන සියලුම අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. එබැවින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් කොරොනා මර්දනයට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ අඩපන කිරීමට දායක නොවන්න.
සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තීය සමිති මෙන්ම පසුගිය රජයේ විවිධ දේශපාලනඥයින් මෙම සිදුවීම් දෙක සම්බන්ධ කර අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බවට වාර්තා වී තිබේ. කෙසේ වුව ද මෙහි සත්‍යාතාව රට හමුවේ තැබීමට වගකිව යුතු පාර්ශව මෙතෙක් කටයුතු කර නොමැත.
