Nov
26
තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ - මියගිය අයගේ විස්තර මෙන්න
තවත් කොරෝනා මරණ 02 ක් ඊයේ රාති‍්‍රයේ වාර්තා වුණා.
කොවිඞ් ආසාදනය සමග ඇති වූ නිධන්ගත රෝග හේතුවෙන් එලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, කොවිඞ් ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩන තත්ත්වයක් හමුවේ මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයා පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ උග්‍ර අක්මා රෝගී තත්ත්වයක් හේතුවෙන්. එම මරණ 02 ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 96 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ඊයේ දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයින් 502 දෙනෙකු හදුනා ගැනුණා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 17,938 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.