Nov
27
කොවිඩ් මරණ 100ට ආසන්න වේ, තවත් මරණ 3ක්
තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු ඊයේ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.
ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි.
මියගිය තිදෙනා: කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.