Nov 20

පාර්ලිමේන්තු සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් පොකුණට පෙරලෙයි (PHOTOS)


පාර්ලිමේන්තු සේවකයින් රැගෙන යාමට පැමිණි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පොකුණට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැගෙන යාමට බස් රථය අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුලට ඒමට අවසර ලබාදී තිබු බවත් සේවකයින් නංවා ගෙන ආපසු යන අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුල පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.