Nov 20

කොවිඩ් සමයේ දරුවන් රැසක් අන්තර්ජාලයෙන් අනාරක්ෂිත සබඳතා පවත්වලා


සමාජ මාධ්‍ය ජාල භාවිත කරන වයස අවුරුදු 15-20 ත් අතර දරුවන් අන්තර්ජාලය භාවිත කරමින් කොවිඩ් වසංගත සමයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා රැසක් පවත්වන බව හෙළිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවැසුවාය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය. මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් විය යුතු බවද ඇය අවධාරණය කළාය.

2019 වසරේදී ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. අසාදිතයන් වාර්තා වීම අඩු අගයක් ගන්නා බවද ඇය එහිදී කීවාය.

දරුවකු ප්‍රසූත කිරීම සඳහා කාන්තා රෝහලකට පැමිණෙන සෑම ගර්භනී කාන්තාවක් සඳහාම එච්.අයි.වී. පරීක්ෂාවක් සෑම රෝහලකින්ම සිදුකෙරෙන අතර, ආසාදිතයන් වාර්තා වුවහොත් දරුවා ලැබීමට පෙර හා පසු ප්‍රතිකාර ලබාදෙන බවද වෛද්‍යවරිය පැවැසුවාය. එච්.අයි.වී. ප්‍රතිකාර සඳහා මෙරට සායන 42 ක් ඇති බවද ඇය පැවැසුවාය.

මවගෙන් දරුවාට එච්.අයි.වී. තුරන් කළ රටක් ලෙස 2019 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතිකයක් ලබාදී ඇති ලෝකයේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙරට එච්.අයි.වී. ආසාදිතයන් 3600 ක් සිටින බවත්, 2004 වර්ෂයේ සිට සායනවලට පැමිණ ප්‍රතිකාර ගන්නේ ආසාදිතයන් 1845 දෙනකු බවත්, සෙසු පිරිස අතර තමාට එච්.අයි.වී. ඇත්දැයි නොදන්නා අයද සිටින බවත් ඇය වැඩිදුරටත් කීවාය.

ටී. ඇන්. සමරජීව – කොළඹ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.