Nov 24

තිස් හතර කෝටියක් වටින පරෙවියා


තරග සඳහා ඉදිරිපත් කෙරෙන පරවියෙක් ඇමරිකා ඩොලර් මිලියන 1.9කට අලෙවි වී තිබේ. එය රුපියල්වලින් තිස් හතර කෝටි පනස් ලක්ෂයකට මදක් වැඩිය.

එම පරෙවියා බෙල්ජියානු ජාතිකයකුට අයත් එකෙකි. ඌ ඉතා ඉහළ මුහුමක් සහිත ජීවියකු බව සඳහන් වේ. “නිව් කිම්” නමැති මෙම පරෙවියා තරග රාශියකින් ජය ලබාගත්, කැපී පෙනෙන දක්ෂතා සහිත පරවියෙකි. “නිව් කිම්” වැඩිම තරග සංඛ්‍යාවකින් ජය ලබා තිබෙන්නේ 2018 වසරේදී ය. ඌ මේ වනවිට තරගවලට සහභාගී නොකෙරේ. 

නිව් කිම්ට මෙපමණ ඉහළ මිලක් නියම වී තිබෙන්නේ අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදු කෙරුණු වෙන්දේසියකදීය. මේ වෙන්දේසියේදී නිව් කිම්ව මිලදී ගැනීමට දැඩි තරගයක් පැවැතියේ චීන ජාතිකයන් දෙදෙනෙකු අතරය.

වෙන්දේසියේදී නිව් කිම්ට විශාල මිලක් නියම වී තිබෙන්නේ ඌ ගැහැනු ජීවියකු නිසයි. විශේෂ හැකියාවන් සහිත පරෙවියන් අභිජනනය කර පැටවුන් ලබා ගැනීම ලොව ඇතැම් රටවල සිදු කෙරේ. බෙල්ජියම මෙන්ම චීනයත් ඒ සඳහා නම් දැරූ රටවල්ය. 

නිව් කිම් දෙවසරක් පමණ වයසැති පරවි ධේනුවක් බව උගේ අයිතිකරු කර්ට් වැන් ඩි වූවර් පවසයි. තරග සඳහා සහභාගී වන පරවියෙකුට සිය ජීවිත කාලයේදී පැටවුන් දසදෙනෙකු පමණ ලැබිය හැකිය. නිව් කිම් ද පැටවුන් ලබා ගැනීම සඳහා භාවිත කෙරෙනු ඇතැයි කර්ට් වැන් ඩි වූවර් කියා සිටී. පරෙවියන් යොදා ගත් තරග ආදිය සඳහා බෙල්ජියම ප්‍රකට රටක් වන අතර ඉහළ මුහුමක් සහිත පරෙවි අභිජනන මධ්‍යස්ථාන විසිදහසකට වඩා එරට පවතින බව සඳහන් වේ.

මංජුලා විජයරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.