Nov 24

ගැබිනි කතුන් 50කට කොවිඩ්


ගැබිනි කාන්තාවන් පනස් දෙනෙකුට කොවිඩ් 19 වයිරසය වැලඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පවසයි.

එම මව්වරුන්ගෙන් ඇතැම් අය සැත්කම්වලට භාජනය කර දරුවන් බිහි කිරීමට සැලැස් වූ බවද ඇය සඳහන් කරයි. කෙසේ වෙතත් මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් ආසාදනය වී නොතිබුණ බවත් ඔවුන් පූර්ණ සුවයෙන් සිටින බවද ඇය ප්‍රකාශ කළාය.

සාමාන්‍යයෙන් ලංකාවේ වසරකදී ගර්භණී මාතාවන් 90-100ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්වන බවද මෙම දිනවලදී සිදුවන මාතෘ මරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය යොමුකර ඇති බවද වෛද්‍යවරිය පවසයි.

ගර්භණී මව්වරුන් හා දරුවන්ගේ සායන නිසි පරිදි සිදුකරන අතර සායනවලට පැමි‍ණෙන අයට වේලාව වෙන්කර සායන කටයුතු සිදුකරන බවද කියන වෛද්‍යවරිය හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් සායන කටයුතුවලට කිසිවකු ගෙන්වා නොගන්නා බවද අවධාරණය කර සිටියාය.

උදයජීව ඒකනායක, අශිකා ජයවීර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.