Nov
02
ගලපිටගම බෝධි පූජාවකදී දරුවෙක් ඇතෙකුට බිලි
පුත්තලම - කරුවලගස්වැව - රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පූජාවකට සහභාගි වෙමින් සිටි වයස අවුරුදු හතරක දරුවකු වන ඇතකුගේ ප්රහාරයකට ලක්ව ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
සිය පියාගේ අසනීපයට සෙත්පතා පැවැති බෝධි පූජාව 30 වැනිදා පස්වරු 6.30 පමණ විහාරස්ථානයේ පැවැතී ඇත. එම ස්ථානයේ 10 දෙනකු පමණ සිට ඇති අතර විහාර භූමියට අසල කැලේ සිට කඩා වැදුණු වන ඇතා පහරදීමෙන් තුවාල ලැබූ මෙම දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ.
විහාස්ථානයේ වැලි මළුවට කඩා වැදී ඇති වන ඇතා මව හා දරුවා එක් පැත්තක තනිවී සිටින විට දරුවා රැුගෙන ගොස් පහර දී පලා ගොස් ඇති බව වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ කරුවලගස්වැව - රජවිගම රන්මිණිපුර පදිංචිව සිටි මහේෂ් අරෝෂණ නිම්සර යන දරුවාය.
මේ ප්රදේශයේ ඇති අලි වැට හරියට ක්රියාත්මක වන්නේ නෑ. කවුරුත් ඒ ගැන බලන්නේත් නෑ. මේ වේලාවේ මේ කිරිසප්පයා වෙනුවට ඇතා මැරුණා නම් කීදෙනෙක් එයිද බලන්න. හවස 4 - 05 වෙනකොට ගම වටේ අලි. මේ ගැටලූව ඉක්මනින් විසඳලා දෙන්න. නැත්නම් තවත් මිනිස් බිල්ලක් වන අලීන් ගනීවි. අපේ ජනපති ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා යැයි ගම්මු සියලූ දෙනාම පැවසූහ.
සිද්ධිය පිළිබඳව විස්තර කළ බෝධ පූජාව සිදුකළ රජවිගම ගලපිටගම විහාරස්ථානයේ විහාරවාසී අනුරාධපුර සුනන්ද හිමිපාණෝ මෙසේ කීහ. අපි බෝධි පූජාව පටන් ගෙන විනාඩි 10ක් විතර ගියා. එක පාරට බෝධියේ ලයිට් නිවුණා. බල්ලෙකුත් බිරුවා. මම කිව්වා පොඞ්ඩක් බලන්න කියලා. එතකොට ඇතා බෝධිය ළඟට කඩා වැදුණා. අපි කිහිප දෙනෙක් බෝධි බැම්මට වැහුණා. පස්සේ ඇති ගියා. බලපුවාම අම්මා කෙනෙක් අතේ හිටිය ළමයෙක් නෑ කියලා කට්ටිය කිව්වා. හොයා බැලූවා. ළමයා බොරලූගොඩ අසල වල් ගොල්ලේ වැටිලා හිටියා. ඉක්මනට රෝහලට රැුගෙන ගියා. ඒත් ළමයා බේරා ගන්න බැරි වුණා.
පුත්තලම - නලින් හෙන්දුරුගොඩ