Oct 09

ඉහළ ගිය බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැන විශේෂඥයෙකු කළ හෙළිදරව්ව


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරට සම්බන්ධ පුද්ගලයන් පන්දහසකට ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ දිනය වනවිට සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ මේ දක්වා රට තුළ පී.සී.ආර්. පරීක්ෂණ තුන් ලක්ෂ 17,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයින් 19 දෙනෙකුට ඊයේ කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පොකුර 1,053 දක්වා ඉහළ ගියා.

එසේම, විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ ඉරානයේ සිට දිවයිනට පැමිණි පිරිසක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 4,488 දක්වා ඉහළ ගියා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය 03 වැනිදා හඳුනාගත් අතර, එම කොවිඞ් පොකුර ඉහළ ගියේ මෙරට විශාලතම කොවිඞ් පොකුර නිර්මාණය කරමින්.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන්ට නිරෝධායන කටයුතු සඳහා යොමුවීමට ලබාදී තිබූ කාලය ඊයේ අවසන් වුණා.

ඒ අනුව නිරෝධායනයට ලක් නොවී සිටි එම ඇඟළුම් ආයතනයේ සේවකයින් 400 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා පැමිණ සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

කෙසේ වෙතත්, තවදුරටත් එම ආයතනයේ සේවකයින් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවද ඔහු කියා සිටියා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1,402 ක් පමණ සේවය කර ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

මේ අතර, මුදල් සංසරණය තුළින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.