Oct
11
ශිෂ්‍යත්වය සාර්ථකව අවසන් - උසස් පෙළ සිසුන්ට විශේෂ පණිවිඩයක්
කොරෝනා වසංගත අභියෝගය මැද අද පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වුණා. විභාගයට පෙනී සිටි සිසු දරුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ඊට පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.
නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ බල ප‍්‍රදේශවල ස්ථාපිත කෙරුණු විශේෂ විභාග මධ්‍යස්ථානවලට දරුවන්ගේ පැමිණිමේ කිසිදු අඩුවක් නොතිබූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර, අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය හෙට සිට ආරම්භ වනවා. මෙම විභාගය නොවැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ ස`දහා පෙනී සිටින විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 62,824 ක්. විභාග මධ්‍යස්ථාන 2,648 කදී උසස්පෙළ විභාගය සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා කි‍්‍රයාත්මක කළ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද එලෙසින්ම කි‍්‍රයාත්මක වන බැවින් උසස්පෙළ විභාගය සඳහා සිය දරුවන් බියකින් තොරව යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මව්පියන්ට දැනුම් දෙන්නේ.
නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට එම බල ප‍්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ ස්ථාපනය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.
නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට ද සිය විභාග ප‍්‍රවේශපත‍්‍රය ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
මෙවර උසස්පෙළ විභාගය හෙට පෙරවරු 08.30 ට ආරම්භ වන අතර විභාගයට පෙනී සිටින සිසුන් පෙරවරු 07.30 පමණ වනවිට විභාග ශාලාව වෙත පැමිණ සිටිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ වලංගු රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතුයි.
මෙවර උසස්පෙළ විභාගය ලබන නොවැම්බර් මස 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.