Oct
15
අවශ්‍ය වුනොත් ලොක්ඩවුන් එකකට යන බව රෝසි කියයි
කොළඹ මහ නගර සභාවෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් මෙම තත්ත්වය සුළු කොට තැකිය නොහැකි බවත්, අවශ්‍ය වුවහොත් කොළඹ නගර සභාවේ දෙපාර්තමේන්තු ලොක්ඩවුන් කිරීමට ද සිදුවන බව කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.
කොළඹ පුරපතිනිය මේ බව සිය නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් පමණක් සිටින WhatsApp ගෘප් මගින් යවා ඇති හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
කොළඹ මහ නගර සභාවේ කොවිඩ් ආසාදිත කාන්තාව කොළඹ නගර සභාවේ MO සමග ළගින්ම වැඩ කළ බව තැනැත්තියක් බැවින් සියලුදෙනා හෙට (16) දිනයේදී නගර සභා පරිශ්‍රයේ පැවැත්වෙන පී.සී.ආර්. පරීක්ෂණයට සහභාගි වන ලෙසට රෝසි සේනානායක මහත්මිය ඉල්ලා සිටියි.
එමෙන්ම දින 14ක කාලයක් යන තෙක් ස්වයං නිරෝධායනයක නිරත වන ලෙසත්, නගර සභාවට කිසිදු නාගරික මන්ත්‍රීවරයෙකුට නොපැමිණෙන ලෙසට ද කොළඹ පුරපතිනිය එම වට්ස් ඇප් පණිවුඩය හරහා පවසා තිබේ.
aruna.lk