Oct 15

කොවිඩ් රෝගීන් ගමන් කළ බස් 06ක් හඳුනාගනී


කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ - මැදගම ගිය බස් රථයේ කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ඒ එක්කම ND 2350 මාකුඹුර - ගාල්ල ගිය බස් එකෙත් කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ND 549 - අම්බලන්ගොඩ බස් එක කඩවත ඉදලා ගිය බස් එකෙත් රෝගියෙක් ඉදලා තියෙනවා. කොළඹ - යාපනය ගිය 6503 බස් එකෙත් කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ඇල්පිටිය - කොළඹ ගිය බස් එකෙත් ND 9788කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ගාල්ල - කඩවත ගිය බස් එකෙත් NF 7515 බස් එකෙත් රෝගියෙක් හමුවෙලා තියෙනවා. අපේ තියෙන හයිවේ බස් සියල්ලම මොනිටර් කරලා තියෙන්නේ ජීපීස් තාක්ෂණයෙන්“ යනුවෙනි.

මේ අතර, සුඛෝපභොගි බස් රථවලට මගීන් නංවාගැනීමට පෙර ඔවුනගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුකළ යුතු බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට දෛනිකව බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ද සිඝ්‍ර ලෙස අඩුවී ඇති බවය.

බස් රථවල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යා රක්ෂිතභාවය සම්බන්ධයෙන් බස්රථ සේවකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපි විශේෂයෙන්ම වායුසමනය කළ බස් රථවලින් ඉල්ලීමක් කරනවා ඒ බස්වලට මගීන් ගොඩවෙන්න කලින් උණ බලන යන්ත්‍රයක් පාවිච්චි කරලා හැමෝගෙම උණ බලලා, ඇතුළු කරන්න කියලා. එහෙම අවිශ්වාසයක් තියෙනවා නම්, ඒ එය සෞඛ්‍ය අධිකාරීන්ට දැනුවත් කරන්න. සාමාන්‍ය ධාවනයේ තිබුණ බස් ප්‍රමාණයත් සමග අද මගීන්ගේ ගමනාගමනය අඩුවෙලා තියෙනවා. කොවිඩ් 19 වසංගතය ඇති වෙන්න ඉස්සෙල්ලා, දිනකට බස් 1600ක් ධාවනය වුණා. 25,000ක් විතර මගීන් ආවා දැන් බස්රථ 666කට වගේ සීමාවෙලා. මගීන් එන්නේ 5691ක් විතර. අපි බලාපොරොත්තු වෙන්නේ මගීන්ගේ සේවාව ඒ විදියටම පවත්වන ගමන් කොවඩ් වසංගතයෙන් මගීන්ව ආරක්ෂා කරන්න.“

කොවිඩ් 19 තිබෙන මොහොතක බස් සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් හෝ විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1955ට කතා කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.