Oct
10
ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අවුරුදු දෙකහාමාරක දරුවෙකුටත් කොරෝනා
කොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන තුල මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමුකිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.
කොරෝනා වෛරසය ආසදානය වු අය අතර වයස අවුරුදු දෙකහමාරක දරුවෙකුට ද සිටින බවත් නමුත් මෙ බිළිදගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවදප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි පවසා සිටියේ.
නිරෝධායනය වෙමින් සිටි පිරිස අතර හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනෙකු, මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 622 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 164 දෙනෙකු සිටි බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.
ඊයේ රාත්‍රී 12.00 පමණ වනවිට මෙම හෝටල් තුන තුල නිරෝධායනය වෙමින් සිටින්නේ 589 දෙනෙකු බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා පවසා සිටියා.
පසුගිය 06 වැනිදින සිට මෙම හෝටල්වල නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කළ බව ඔහු සඳහන් කළා.
ඊයේ (09) දින මෙම හෝටල්වල සිටි 132 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් එවායේ ප්‍රථිපල ලැබිමට නියමිතව ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කළා.
පෙරේදා (08) දිනයේදී පුද්ගලයින් 38 දෙනෙකු.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවට තහවුරුවී තිබෙනවා.