Oct
10
හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් – වාට්ටු දෙකක් වැසේ
හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබෙනවා.
එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් ඔහුට සහ තවත් පවුලේ සාමාජිකයෙකුට කොවිඩි -19 ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.
කොවිඩ් ආසාදනයවූ අනෙක් හෙදිය ඇතුළු ආසාදිතයින් නෙවිල් ප්රනාන්දු රෝහලට සහ අයි.ඩි.එච් රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් වෙනවා.